හෝමාගම මන්ත්රීවරිය වෙළෙඳසලක යකා නටයි සැකකාරිය කොටු කර ගන්න පරීක්ෂණ ප්රදීප් ප්රසන්න සමරකෝන්, ඇන්ටන් ප්රනාන්දු සහ ජගත් රණසිංහ - පන්නිපිටිය කොට්ටාව මාකුඹුර ප්රදේශයේ පිහිටි වෙළෙඳ සල් දෙකකට හා වාහන කීපයකට පහරදී අලාභහානි සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව හෝමාගම ප්රාදේශීය සභා මන්ත්රිනී නීලකාන්ති සමරවික්රම (එ.ජ.නි.ස) අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්ථාන පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ. මෙම මන්ත්රීවරිය සිය දියණිය සමග ඊයේ (4 වැනිදා) උදේ එම වෙළෙඳ සල් වෙත ගොස් පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. එම වෙළෙඳ සල් හිsමිකරු හා මන්ත්රීවරිය අතර ඇතිවූ බහින් බස් වීමක් සිද්ධියට හේතුවී ඇතැයි ද පොලිසිය කියයි. මෙම පහරදීම නිසා එම වෙළෙඳ සල් දෙකකට හා ඒ අසල වූ වාහන තුනකට අලාභ හානි සිදුව තිබේ. හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක ලලිත් ලීලාරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුරට පරීක්ෂණ පැවැත්වෙයි.
මේ පුවත පිළිබඳ ඔබේ අදහස් වහාම SMS කරන්න 0712109999
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්රී ලංකාව.