ශ්‍රී ලාංකික සරණාගතයෝ හා තමිල්නාඩු වැසියෝ ගැටෙති
15 දෙනකුට තුවාල

චතුර පමුණුව

තමිල්නාඩු වැසියන් හා එහි වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් අතර පෙරේදා (3දා) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් 15 දෙනකු තුවාල ලබා ඇත.

පුඩුපති ගම්මානයේ වැසියන් හා ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් මෙලෙස ගැටී ඇත.

බට්‌ලාගුන්ඩු නිවෙසක ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයකු අසල පිහිටි භද්‍රකාලිඅම්මන් කෝවිල් භූමියට අරක්‌කු බෝතලයක්‌ විසිකිරීම ගැන පුඩුපති ගම්මානයේ වැසියන් උරණවීම මෙම ගැටුමට මුල්වී ඇත.

මෙයින් පසුව සරණාගතයන් වෙසෙන කඳවුරු භූමියට ගල් ප්‍රහාරයක්‌ද එල්ලවී ඇත.

මෙහිදී ඉන්දීය දෙමළ ජාතිකයන් නමදෙනකු හා ශ්‍රී ලංකා දෙමළ ජාතිකයන් හයදෙනකු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.