ඩී. ඒ. රාජපක්‍ෂ සමරුව හෙට

එස්‌. එඩ්වින් - තංගල්ල විශේෂ

බෙලිඅත්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූද, හිටපු ඉඩම් උප ඇමැතිවරයා වූද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු උප කථානායකවරයා වූද, දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ 46 වැනි ගුණ සමරුව මේ මස 06 වැනිදාට යෙදී ඇත.

තංගල්ලේ දී පැවැත්වෙන ගුණ සමරු උත්සවයේ ප්‍රධාන කාර්ය වන්නේ තංගල්ල නගර මධ්‍යයේ ඇති ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීමයි. මෙය 06 වැනි දා පෙරවරු 8.30 ට ඩී. ඒ. රාජපක්‍ෂ මහතාගේ පුතකු වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ඉන් අනතුරුව තංගල්ල නගර ශාලාවේදී ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු උත්සවය පැවැත්වෙයි. ගුණ සමරු දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති රංජිත් බණ්‌ඩාර මහතා විසිනි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු රාජපක්‍ෂ පවුලේ සාමාජිකයෝද මැති ඇමැතිවරුද තානාපතිවරුද තවත් විශාල පිරිසක්‌ද සහභාගි වෙති.

මෙදින සිසුර ශිෂ්‍යත්ව ප්‍රදානයද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.