පාර්ලිමේන්තුවේ පක්‍ෂවලට  ආරාධනා

රනිල් ධර්මසේන

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‌ෂ වෙත ආරාධනා කිරීමට රජය තීරණය කර ඇත.

අදාළ ආරාධනා පත්‍ර ඉදිරි දින කිහිපය තුළ සංවිධායක කමිටුව විසින් පක්‍ෂ වෙත යෑවීමට නියමිතය.

මීට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා කියා සිටියේ සමුළුවට සහභාගි වීම හෝ නොවීම පිළිබඳ තීරණය කිරීම දේශපාලන පක්‍ෂවල කාරණයක්‌ බවත් ආණ්‌ඩුව යුතුකමක්‌ ලෙස ආරාධනය කරන බවත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.