දිවයින පුවත් පිළිබඳ අදහස්‌

0 7 1 2 1 0 9 9 9 9 ට වහාම SMS කරන්න  හිතවත් "දිවයින" පාඨකයනි,

අද සිට "දිවයින" පත්‍රය සිය ලක්‌ෂ සංඛ්‍යාත පාඨක පිරිස තව තවත් "දිවයින" ට සම්බන්ධ කර ගැනීමේ මාහැඟි පියවරක්‌ තබයි.

ඒ අනුව අද දිවයින පත්‍රයේ මුල් පිටුවේ පළවී ඇති ප්‍රවෘත්ති කිහිපයක්‌ යටින් ජංගම දුරකථන අංකයක්‌ (0712109999) පළ කර ඇති බව ඔබට පෙනෙනු ඇත.

ඔබ කළ යුත්තේ ඉතා සුළු වැඩකි. එම අංකය සමග පළවී ඇති ප්‍රවෘත්තිය පිළිබඳ පමණක්‌ ඔබේ අදහස්‌ වචන 10 කින් 12 කින් පමණ ලියා "දිවයින"ට SMS කර එවීමය. ඔබේ අදහස්‌ ඉංග්‍රීසියෙන් නැතිනම් ඉංග්‍රීසි අකුරු භාවිත කරමින් සිංහල වචනවලින් (සිංග්ලිෂ්) එවිය හැකිය. එසේම ඔබේ අදහස්‌ අද පස්‌වරු 1 ට පෙර එවීමටත් මතක තබා ගන්න.

ඔබේ අදහස්‌ හෙට "දිවයින" පත්‍රයේ පළවේ. කිසිවකුට අපහාසවන අදහස්‌ පළ නොකෙරේ. ඔබේ අදහස්‌ කෙටියෙන් තේරුම් ගැනීමට පැහැදිලි වන ලෙස කරුණාකර එවන්න.

SMS එවිය යුතු අංකය

0 7 1 2 1 0 9 9 9 9

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.