ඉන්දියාවට සරදමක්‌
මියගිය කොටින් වෙනුවෙන්
තන්ජවූර්වල ස්‌මාරකයක්‌


කීර්ති වර්ණකුලසූරිය

ඉන්දීය රජයේ කොටි තහනම අභියෝගයට ලක්‌කරමින් ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමේ ස්‌මාරකය මෙම 8 දා තන්ජවූර්හිදී කොටි හිතවාදීන් විසින් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

මුල්ලිවයික්‌කාල් මුත්තරම් නමින් හඳුන්වා ඇති මෙම ස්‌මාරකය ඉදිකර ඇත්තේ ප්‍රභාකරන්ගේ සගයකු වූ පාසා නෙඩුමාරන් නමැත්තා ප්‍රමුඛ ලෝක ද්‍රවිඩ සම්මේලනය නමැති කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධානයයි. ශ්‍රී ලංකා හමුදාව සමග සටන්වැද මියගිය කොටි නායකයන්ගේ මූර්ති හා වැල්වැටිතුරේ හොරබඩු ජාවාරම්කරුවන් දෙදෙනකු වූ කුට්‌ටමනි හා තංගතුරෙයිගේ ඡායාරූප එකී ස්‌මාරකයේ අඩංගු කර ඇත.

මෙම කොටි ස්‌මාරකය වෙනුවෙන් තෙදිනක්‌ තිස්‌සේ උත්සව පැවැත්වීමට තමිල්නාඩු කොටි හිතවාදීන් සැලසුම් කර ඇති අතර ඊට තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාට සහ කරුණානිධිට ඇරයුම් කර තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.