කැසිනෝ ගැසට්‌ එක ළඟ ළඟ එයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

කැසිනෝවලට අදාළ ගැසට්‌ නිවේදනය පසුගිය සතියේ අමාත්‍ය මණ්‌ඩලයට ඉදිරිපත් නොකළේ ඊට ඇතුළත් කිරීමට යන සංශෝධන තවමත් කෙටුම්පත් කොට අවසන් නොකළ නිසා යෑයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

එසේ නැතුව එම ගැසට්‌ නිවේදනය හකුළා ගැනීමට රජය තවමත් කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි සංශෝධන සහිතව එය යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්‍ෂා කරන බවද එම නිලධාරියා පැවැසීය.

බදුවලට අදාළ සංශෝධනය හා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්‌ සිදු කිරීමේ කාර්යය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට පවරා ඇති බවද ඔහු කීවේය.

මුදල් අමාත්‍යාංශය විසින් එය සිදුකරන ලද පසු යෝජිත සෙසු සංශෝධනද ඇතුළත් කොට නව ගැසට්‌ නිවේදනය පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්‍ෂා කරයි.

ශ්‍රී ලාංකිකයන්ට කැසිනෝ සූදුවේ යෙදීම සීමා කිරීමට අදාළ විධි විධාන නව ගැසට්‌ නිවේදනයට ඇතුළත් කිරීමට නියමිතය. කවරක්‌ නමුත් යළි මෙම ගැසට්‌ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඒ සඳහා යළි අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගෙන ඒ පිළිබඳ පුළුල් වශයෙන් මහජනයා දැනුවත් කිරීමෙන් පසුව බවද රජයේ එම උසස්‌ නිලධාරියා තවදුරටත් "දිවයින"ට කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.