ඖෂධ සමාගම්  නියෝජිතයන්ට පිළිකා රෝහලෙන් වාරණයක්‌

පියසේන දිසානායක

මහරගම පිළිකා රෝහලේ රාජකාරි කාලසීමාවේදී ඖෂධ සමාගම් නිලධාරීන්ට හෝ නියෝජිතයන්ට එම රෝහලට ඇතුළු වීම ඊයේ (04 දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කර ඇත.

මේ අනුව මෙම නිලධාරීන්ට මෙතෙක්‌ සතියේ සෑම දිනකම පිළිකා රෝහලට ඇතුල් වී වෛද්‍යවරුන් මුණගැසීමට අවස්‌ථාව තිබුණත් ඊයේ (04 දා) සිට එය අඟහරුවාදා සහ සිකුරාදා යන දින දෙකෙහි දහවල් 12 සිට 1 දක්‌වා සීමා කළ බව පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා "දිවයින" ට පැවැසීය.

මෙම නිලධාරීන් සිය සමාගම්වල කටයුතු ඉටු කර ගැනීම සඳහා සතියේ දිනවල ඕනෑම වේලාවක රෝහලට පැමිණීමට අවස්‌ථාව සලසා තිබීම වෛද්‍යවරුන්ට මෙන්ම රෝගීන්ට ද හිරිහැරයක්‌ නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව වෛද්‍ය දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.