නායකත්ව මණ්‌ඩලයෙන් සජිත් ඉල්ලා අස්‌වෙයි

අකිත පෙරේරා

එජාප නායකත්ව මණ්‌ඩලයෙන් තමන් ඉල්ලා අස්‌වන බව හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා "දිවයින"ට ඊයේ (4 වැනිදා) රාත්‍රි පැවසීය.

එක්‌සත් භික්‌ෂු පෙරමුණේ ගෞරවණීය මහා සංඝරත්නයට ෙද්‍රdaහි වීමට නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් යෝජනා කළ පරිදි පක්‌ෂයේ ව්‍යවස්‌ථාවේ සඳහන් වන "පක්‌ෂ නායකයා" යන තනතුර මින් ඉදිරියට නායකත්ව මණ්‌ඩලය වශයෙන් නම් නොවීමත්, පක්‌ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ මුලසුන නායකත්ව මණ්‌ඩලයේ සභාපතිවරයාට නොලැබීමත් සහ එම මණ්‌ඩලයට සාධාරණ සාමාජික ව්‍යහයක්‌ පත් නොවුණු බැවින් ද තමා ඉල්ලා අස්‌වූ බව හෙතෙම කීය.


මීට පෙර මෙම සාමාජිකයන් පත්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාමාජිකයන් තිදෙනකුද තමා සහ කරු ජයසූරිය මහතා නියෝජනය වන පරිදි තමා සහ ඔහුගෙන් ඉතිරි සාමාජිකයන් පත් නොවුණු බවද ඒ මහතා සඳහන් කළේය.

මීට පෙර එලෙස ක්‍රියා කිරීමට ඇතිවූ එකඟතාවය මත තමා එක්‌සත් භික්‌ෂු පෙරමුණේ අදාළ යෝජනාවලට අත්සන් කළ බවත් නමුත් ඊයේ (4 වැනිදා) දිනයේදී ඊට අදාළ කටයුතු සිදු නොවූ බැවින් භික්‌ෂු පෙරමුණේ ස්‌වාමීන් වහන්සේලාට සිදු කරන ගෞරවයක්‌ වශයෙන් තමාගේ නායකත්වය යෝජනා වුණු මොහොතේම ඉන් ඉල්ලා අස්‌වූ බවත් හෙතෙම පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.