පාසල් ක්‍රීඩක ක්‍රීsඩිකාවෝ 25 ක්‌ කරාතේ සටනට නේපාලයට

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන, හා වැලිවේරිය - ධම්මික නිමලසූරිය

නේපාල් ගොජුරියු කරාතේ සංගමය මගින් සිව්වැනි වරටත් මෙහෙයවනු ලබන 2013 සිව්වැනි ජාත්‍යන්තර විවෘත පාසල් කරාතේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් කරාතේ දොa සංගමයේ ජාතික කනිෂ්ඨ පාසල් කණ්‌ඩායම හෙට (6 දා) රාත්‍රි නේපාලය බලා පිටත්ව යනු ඇත. මෙම තරගාවලිය මෙම 9 දා සිට 11 දා දක්‌වා පැවැත්වීමට නියමිතය.

දිවයිනේ පාසල් 16 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනකු මීට ඇතුළත් වෙති.

පාසල් කණ්‌ඩායම මෙසේය.

පිරිමි - එස්‌. එම්. එස්‌. යූ. සුබසිංහ (නායක - පොළොන්නරුව රාජකීය ම.ම. වි.), එස්‌. ඒ. එන්. සිංහපුර (පොළොන්නරුව රාජකීය ම.ම.වි.), කේ. එච්. ජී. එච්. සී. බණ්‌ඩාර, (පොළොන්නරුව රාජකීය ම.ම.වි.), ආර්. එන්. ඒ. අතුකෝරල (බම්බලපිටිය ශාන්ත පීතර වි.), ඡේ. එම්. එස්‌ ඒ. වයි. බී. ජයසේකර (කුරුණෑගල මලියදේව විද්‍යාලය), එච්. ඩී. ටී. ධර්මසේන (කුරුණෑගල මලියදේව වි.), ඊ. ජී. දුලීක නුවන් උදාර (පිළියන්දල ම.ම.වි.), එම්. පී. ආර්. පී. දිසානායක (තෝපාවැව ම.වි.) එච්. එම්. වී. එල් සේනානායක (තෝපාවැව ම.වි.) ආර්. ඇම්. එච්. ඒ. දසනායක (බකමූණ මහසෙන් ම.ම.වි.), ආර්. ජී. ඩී, සී. රාජමන්ත්‍රී (මගුල්දමන ම.වි.), එස්‌. ජී, ඒ. යූ. නයනසිරි (වැලිකන්ද ම.වි.), එම්. එල්. ඉරේශ් බණ්‌ඩාර (පොලොන්නරුව විජය පරාක්‍රම ම.වි.) ඊ. එච්. ජනිත් තේනුක ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක ම.වි.), හා එච්. පී. ඩී. මිනිදු මනෝද්‍යා (නාලගස්‌දෙනිය ජයන්ති ආදර්ශ වි.)

කාන්තා - එස්‌. ඩී. ලක්‍ෂිකා මදුමාලී ප්‍රනාන්දු (නායක - ගල්කිස්‌ස බෞ. කාන්තා වි.), ඩබ්ලිව්. ඒ. ලක්‍ෂිකා තරිදුනි (ගල්කිස්‌ස බෞද්ධ කාන්තා වි.), ඩී. ජී. රවීශා දේශානි (මාතර සුජාතා වි.), ඩබ්ලිව්. කේ. මදාරා මදුභාෂනී (මාතර සුජාතා වි.), ඒ. එල්. සී. ලොලින්ඩි්‍ර (පොලොන්නරුව රාජකිය ම.ම.වි.), එස්‌. ඩබ්ලිව්. ටී. ඕ. ජී. කේ. ආරියවංශ (පොලොන්නරුව රාජකීය ම. ම. වි.), කේ. ජී. නුවනි සෙව්වන්දි කහටපිටිය (පොලොන්නරුව රාජකීය ම. ම.වි.), එන්. වී. අචනී රුමේශා (ගාල්ල රිපන් බාලිකා වි.), ඩබ්ලිව්. ඩී. ආර්. ශාවින්දි ප්‍රනාන්දු (බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) හා එස්‌. එම්. සකිත්මා විනුසරී (කලුතර බාලිකා වි.)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.