සහන් ප්‍රදීප් අභියෝග කුසලාන
දිවා රාත්‍රී දැල්පන්දු තරගාවලිය 9දා


මහර ප්‍රාදේශීය සභාවේ සභාපති දේශබන්දු සහන් ප්‍රදීප් මහතා විසින් සංවිධානය කරනු ලබන zසහන් ප්‍රදීප් අභියෝග කුසලාන දැල්පන්දු තරගාවලියZ මෙම මස 09 වැනි දින කිරිල්ලවල මධ්‍යමහා විද්‍යාලයේදී දිවා/රාත්‍රී තරගාවලියක්‌ වශයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී විවෘත තරගාවලියක්‌ සහ පාසල් තරගාවලියක්‌ ලෙස දෙඅංශයකින් තරග පැවැත්වෙන අතර විවෘත තරගාවලිය ගම්පහ දිස්‌ත්‍රික්‌කය සඳහාද පාසල් තරගාවලිය මහර ආසනය සඳහාද වනු ඇත.

විවෘත අංශයේ තරගාවලියේ ශූරතාව සඳහා මුදලින් රුපියල් 50,000 ක්‌ද අනුශූරතාව සඳහා රුපියල් 30,000 ක්‌ද පිරිනැමෙන අතර පාසල් අංශයේ ශූරතාව සඳහා රුපියල් 30,000 ක්‌ සහ අනුශූරතාවට රුපියල් 20,000 ක මුදල් ත්‍යාග පිරිනැමේ. මෙයට අමතරව තරගාවලියේ දක්‍ෂතම විදින්නිය, රකින්නිය සහ දක්‍ෂතම ක්‍රීඩිකාව සඳහා ත්‍යාග පිරිනැමීමට නියමිතය.

තරගාවලිය සඳහා අයෑදුම්පත් දැන් කැඳවෙන අතර වැඩි විස්‌තර සඳහා දුරකථක අංක 0115633691 (අරුණි) හෝ 0715992006 (ගයාන්) ඇමතිය හැක.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.