දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා  ක්‍රීඩිකාවෝ ජය ගනිති

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි පන්දුවාර විස්‌සයි-20 තරගයෙන් ලකුණු 20 ක ජයක්‌ අත්කර ගත් ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක්‌ ලෙස සම කර ගැනීමට සමත්විය.

සෙන්වස්‌ පාක්‌හිදී පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 138 ක්‌ රැස්‌ කරන ලද අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට රැස්‌ කර ගත හැකි වූයේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක්‌ දැවී ලකුණු 118 ක්‌ පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව්වෙන් දස්‌කම් දැක්‌වූ නායිකා ශසිකලා සිරිවර්ධන තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය.

ලකුණු සාරාංශය - ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 138 යි(චමරි අතපත්තු 39, ලසන්ති මධුෂානි 30, හසෝදා මෙන්ඩිස්‌ 22, ශසිකලා සිරිවර්ධන 30, කැප් 18/3)

දකුණු අප්‍රිකාව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 118 යි(ලිසල් ලී 23, ඩු ප්‍රීස්‌ 21, වැන් නයිකර්ක්‌ 26, ශෂිකලා සිරිවර්ධන 16/2, මධුරි සමුද්ධිකා 21/2)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.