ජඩේජාට දඩ

ක්‍රිකට්‌ ක්‍රීඩාවට උචිත නොවන ආකාරයෙන් හැසිරුණේ යෑයි වරදකරු වීම මත ඉන්දීය කණ්‌ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට තරග මුදලින් සියයට 10 ක මුදලක්‌ දඩ වශයෙන් ගෙවීමට එම තරගයේ තීරකවරයා නියම කර තිබේ.

ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති හත්වැනි සහ අවසන් එක්‌දින තරගයේදී ඔස්‌ටේ්‍රලියානු ක්‍රීඩක ෂේන් වොට්‌සන්ට පරුෂ වචනයෙන් බැන වැදීම සම්බන්ධව වැරදිකරු වීම මත ජඩේජාට එම දඩ මුදල ගෙවීමට තරග තීරක ඇන්ඩි පයිකොට්‌ මහතා පියවර ගෙන තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.