ශ්‍රී ලංකා ටෙලිකොම් දැයේ දරුවන්ගේ
සුරක්‍ෂිතතාව වෙනුවෙන් හඬ නගයි


අද දවසේ දරුවන් යනු හෙට දවසේ රට භාර ගන්නට සිටින පිරිස වේ. ළමා අපයෝජනයන් හා සමාජියීය විෂමාචාරවලින් දරුවන් ආරක්‍ෂා කරමින් ඔවුන්ට යහපත් පරිසරයක්‌ උදාකර දීම අද දවසේ රටේ දැවෙන අවශ්‍යතාවක්‌ බවට පත්වී ඇත. දරුවන් කෙරේ වන ආරක්‍ෂාව සෙනෙහස හා රැකවරණය පිරිහීයැම දිනෙන් දින වර්ධනය වන ස්‌වභාවයක්‌ දක්‌නට ඇත. විවිධාකාර වූ සමාජ පසුබිම් යටතේ විවිධාකාර වූ මිනිසුන් වෙතින් ළමුන් අපයෝජනයන්ට ලක්‌වේ. මේ නිසාම ළමුන්ට මනා රැකවරණයක්‌ සලසවමින් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් අද දවසේ ළමා ආරක්‍ෂාව තහවුරු කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ ව පවතී.

අද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය හා එක්‌ව ළමා අපයෝජනය පිටු දැකීමේ ජාතික වැඩසටහනක්‌ දියත් කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් පවුලේ සියලුම සාමාජිකයන් සමස්‌ත දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ස්‌ථාන 300 ක පමණ සංඛ්‍යාවකදී වඩා යහපත් වූ අනාගතයක්‌ උදෙසා ළමා අපයෝජන පිටුදැකීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක්‌ ආරම්භ කරයි.

මෙකී ව්‍යාපෘතියේ මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වමින් විදුලි සංදේශ හා තොරතුරු තාක්‌ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිරෝගිමත් හා බුද්ධිමත් ළමා පරපුරක්‌ ආරක්‍ෂා කිරීම යනු රටකට කළ හැකි ඉහළම අනාගත ආයෝජනය බවත් ළමුන් යනු අනාගතයේ රටේ සැබෑ උරුමක්‌කාරයන් බවත් පැවසීය. තවද ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය හා එක්‌ව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිදු කරන මෙම සද්කාර්ය තමා ඉහළින්ම අගයන බවත් එය අද දවසේ ඉටුවිය යුතු ජාතික අවශ්‍යතාවක්‌ බවත් අවධාරණය කෙරිණි.

ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක සිය අදහස්‌ දක්‌වමින් ළමුන් හා දෙමාපියන් දැනුවත් කිරීම තුළින් ළමා අපයෝජනය ඉතා ඉහළ මට්‌ටමකින් අවම කර ගත හැකි බව පැවසීය. එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ ජාතික කර්තව්‍යය සඳහා සහාය දැක්‌වීම පිළිබඳව ඉතා ඉහළින් අගය කළාය.

ජාතික සන්නිවේදන සහකරු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හුදෙක්‌ සන්නිවේදන අවශ්‍යතාවන් පමණක්‌ම නොව එහි සමාජීය භාවිතාවන් පිළිබඳවද සිය අවධානය යොමු කරයි. මෙහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති නිමල් වෙල්ගම මහතා( අපි ජාති ආගම් බේද පසෙක ලා සමස්‌ත රටම එකම රැහැනකින් ඒකාබද්ධ කළ බවත් එසේම ඒ ඒකාබද්ධ සවිය තුළින් රටේ දරුවන්ගේ ආරක්‍ෂාව උදෙසා කැපවෙන බවත් පැවසීය. සිය ටෙලිකොම් පවුලේ සියලු දෙනා සමගින් රටේ දරුවන් ළමා අපයෝජනයන්ගෙන් මුදා ගැනීමට සමස්‌ත රටම දැනුවත් කිරීමට එකම මොහොතක එක්‌ව හඬ නගන බවත් පැවසීය. රටේ අනාගත සමාජ ආර්ථික වර්ධනයට මෙලෙස දායක වීමට ලැබීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලත් භාග්‍යයක්‌ ලෙස සලකන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.