පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවේ අපේ අපේක්‌ෂාවන්

ජපානයේ ජීවත්වන ශ්‍රී ලංකික බෞද්ධ භික්‌ෂුවක ලෙස මම ලෝකයේ ස්‌ථාන දෙකක සමාන්තරව ජීවත්වෙමි. එනම් මාගේ මතකයේ සදාතනිකව රැඳුණු මාගේ මව්බිම වන ශ්‍රී ලංකාව සහ මම ජීවත්වන සහ ධර්ම ප්‍රචාරක කටයුතුවල නියෑලී සිටින ජපානයයි. ශ්‍රී ලංකාව පිළිබඳ මාගේ දැක්‌ම බෞද්ධ විශ්වාසයන් මත පදනම්වී ඇති අතර එය අනෙකුත් ජාතිකයින් සමග වසර ගණනාවක්‌ පුරා සිදු කරන ලද අන්තර් ක්‍රියාවන් තුළින් තවදුරටත් හැඩගැසී ඇත. අභ්‍යාවකාශයේ සිටින ගගනගාමියකු ලෝකය දකින ආකාරයෙන් මම මා ඉපැදුන මාගේ උපන්බිම දෙස බලන්නෙමි. ගගනගාමියකු ලෝකයේ ඓශ්චර්ය සුන්දරත්වය හා සමගම එහි ගුරුත්වාකර්ෂණය සහ දකින අයුරින් මම මාගේ දිවයින වන ශ්‍රී ලංකාවේ යථාර්ථය මම සෘජුවම සහ අත්දැකීම් තුළින් නිරීක්‌ෂණය කරමි.

නොවැම්බර් 10 සිට 17 දක්‌වා දිනයන් හිදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුව මා නිරීක්‌ෂණය කරන්නේ මෙබඳු විශ්වීය දැක්‌මකින් යුතුවය. පොදුරාජ්‍ය මණ්‌ඩලීය රටවල් හෝ එම සංවිධානය ලෝකයට සේවය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙහි අරමුණා නොවේ. මා මෙම සමුළුව දකින්නේ ලෝකයේ ජනතාවගෙන් තුනෙන් එකක්‌ එනම් බිලියන දෙකක ජනතාව නියෝජනය කරන ලෝකයේ ජාතීන් 54 කගේ බලාපොරොත්තු, අභිමතාර්තයන් සහ අවධානයට ලක්‌වන කරුණු විදහා දක්‌වන අගනා අවස්‌ථාවක්‌ ලෙසය.

පසුගිය දශක කිහිපය පුරාම බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු වල නියෑලෙමින් විදේශයන් හි ගත කළ මට පසුගිය කාල සීමාවේ අපි ත්‍රස්‌තවාදයේ ප්‍රචණ්‌ඩත්වයට ලක්‌වීමෙන් විවිධ අන්දමින් ඇතිවූ පීඩාවන්ට මුහුණදෙමින් ජාතියක්‌ ලෙසින් අස්‌ථාවර සහ කිසිවකුගේ හව්හරණයක්‌ නොමැතිව සිටි තත්වය නැවත සිහිපත්වේ. ලෝකයා අප දෙස බැලුවේ අරාජික සහ විශ්වීය වශයෙන් පිළිගත් යහපාලන මූලධර්මයන්ට ගරු නොකරන්නා වූ රාජ්‍යයක්‌ සහ ජනතාවක්‌ ලෙසය. මෙම බිහිසුණ අත්දැකීම් සහිතව කල්ගෙවූ අපි අද ස්‌ථාවරත්වය ගොඩනගා ගෙන එක්‌සත් වූ ජනතාවක්‌ සමගින් සාමය හා සෞභාග්‍යයෙන් පිරුණු හෙට දිනයක්‌ වෙනුවෙන් බලාපොරොත්තු පෙරදැරි කරගෙන ජාතීන් 54 ක්‌ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ නියෝජිතයන් පිළිගැනීමට සූදානම්ව සිටිමු.

ගැටුම්වලින් පීඩාවට පත්වී සිටි ජාතීන් කිහිපයකට පමණක්‌ ඔවුන් නැවත දිනාගත් ජාතිකත්වය ලෝකය හමුවේ විදහා දැක්‌වීමට මෙවැනි කලාතුරකින් උදාවන අවස්‌ථාවක්‌ හිමිවී තිබේ. මේ අවස්‌ථාවේදී 1995 වසරේදී දකුණු අප්‍රිකාවේ ඇතිවුණු විශේෂ සිද්ධියක්‌ මාගේ මතකයට නැගේ. 1995 රග්බි ලෝක කුසලාන අවසාන තරගයට මිනිත්තු 5 කට පෙර නෙල්සන් මැන්ඩෙලා ක්‍රිඩකයන්ට සුභ පැතීමට ක්‍රීඩාංගනයට පැමිණියේය. ඔහු හැඳ සිටියේ අප්‍රිකානු වර්ණබේදවාදයේ ප්‍රතිමුර්තිය වූ දකුණු අප්‍රිකානු සප්‍රිsන්බොක්‌ රග්බි කණ්‌ඩායමේ නිල ඇඳුම සහ කොළ පැහැති හිස්‌ වැසුමය. එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට නෙල්සන් මැන්ඩෙලා මෙම අවස්‌ථාවේදී සුභපැතීමත් සමග රැස්‌ව සිටි ජනතාව මඩිබා යනුවෙන් සුභ පැතුහ. මේ සමගින් මඩිබා යන වචනයට නව අරුතක්‌ එක්‌ කරමින් එය සංහිඳියාව හැඳින්වීමේ අරුත් ඇති වචනයක්‌ ලෙස විශ්ව ජන විඥානයට එක්‌විනි. නව දැක්‌මක්‌ ඇති නායකයකු යටතේ නව ජාතියක්‌ බිහිවී ඇති බව ලෝකය දැනගත්තේ එම මෙහොතේදීය. සත්‍ය වශයෙන් රාජ්‍ය බලය පරිනාමනයවී තිබුණේ මීට පෙරාතුවය. මේ වන විට නව රජය බිහිවී තිබුණි. නමුත් මෙම තත්වය ලෝකයේ ජනතාවගේ හදවත් තුලට පිවිසුනේ මෙම සාමාන්‍ය මහජන උත්සවයේදී මඩාබාට සුභ පැතීමත් සමගිsනි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ අන්දමින්ම ලෝක මට්‌ටමේ බලපෑමක්‌ ඇති කිරීම සඳහා යොදාගත හැකිය. මේ සඳහා අවශ්‍ය වන්නේ මෙම රාජ්‍ය නායක හමුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම රජයන් 54 ට අපගේ ජනතාව එක්‌ ජාතියක්‌ ලෙස නැගීසිට ආගන්තුක සත්කාර කරමින් ලොවට දැනෙන ලෙස සුභ පැතීමයි. මාගේ අභිප්‍රාය වන්නේ පොදුරාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවේ අදාළත්වය වැදගත්කම හෝ ධාරිතාවය ඇගයීමට ලක්‌කිරීම නොවේ. රජයන් 54 ක යටත්විජිත අත්දැකීම පශ්චාත් යටත්විජිත සාමුහිකත්වය නැවත ආවර්ජනය කිරීම සඳහා මෙය ප්‍රමාණවත්වේ. .

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බිඳවැටීම සහ 20 වැනි සියවසේදී සිදුවූ පොදු රාජ්‍ය මණ්‌ඩලය ගොඩනැගීම ශෝක අධිරාජ්‍යයේ බෞද්ධ පොදුරාජ්‍ය මණ්‌ඩලයේ කැපීපෙනෙන දිදුළන උදාහරණය වන ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් වෙනස්‌වූ මාවතක්‌ ගත්තේය. 20 වැනි ශත වර්ෂයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හඳුන්වනු ලැබිණි. එය ඇත්තෙන්ම සත්‍යක්‌ විය. බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යය ලොවේ දසත පැතිරී තිබිණි. නමුත් නොවැලැවැක්‌විය හැකි ක්‍රියාවලියක්‌ තුළින් මෙම ජාතීන් යටත්විජිත භාවයෙන් නිදහස්‌ වුනු නමුත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ අධ්‍යාපනය තුළින් එහි බීජයන් මෙම රටවල ජනතාව අතර පැතිරීමත් ඔවුන් යටත්විජිතවාදී මානසිකත්වයෙන් නවීනත්වය සහ ශිෂ්ට බව අර්ථ දැක්‌වීමත් සිදුකරනු ලැබිණි. මෙම යටත්විජිත භාවයෙන් නිදහස ලැබීමේ ක්‍රියාදාමයේ වඩාත්ම වැදගත් සිද්ධිය වන්නේ ඉන්දියාවට නිදහස ලබාදීමට ගනු ලැබූ තීරණයයි.

පොදුරාජ්‍ය මණ්‌ඩලයේ සාමාජික රටවල් අධිරාජ්‍යයේ යටත්විජිත වශයෙන් සිටි අතර දැනට ඔවුන්ට විවිධවූ සමාජ දේශපාලන සහ ආර්ථික අත්දැකීම් සහ අභිමතාර්ථයන් පවතින නමුත් සංවිධානය තුළ සමාන කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන අන්තර්ජාතික සංධානයක්‌ ලෙස ක්‍රියාත්මක වේ. ඔවුන් පොදු සාරධර්ම පද්ධතියක්‌ සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීමට එකඟතාවය පළකර ඇත. මේවාට මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවීම, යහපාලනය, නීතියේ ආධිපත්‍ය නිදහස්‌ වෙළෙඳාම බහුත්වවාදය සහ ලෝක සාමය ඇතුළත්වේ. පොදුරාජ්‍ය මණ්‌ඩලීය රටවල නායකයන්ගෙන් සමන්විත මෙම සමුළුව පැවැත්වීම මගින් අපට ජාතියක්‌ ලෙස ශ්‍රී ලංකාවට අප පිළිබඳ ලොවට පෙන්වීමට සහ අවධානය යොමු කරගැනීමට කදිම අවස්‌ථාවක්‌ උදාවී ඇත.

බෞද්ධයින් ලෙස අපි සෑම කෙනෙකුගේම ජීවිතයට ගරු කරමු. අපගේ නායකයින් අතිශයින්ම නිවැරදි අය බව අපි නොපවසමු. නමුත් අපව ගැටුම් වලින් මුදාගැනීමට පමණක්‌ නොව ලෝක සමාජයේ ගෞරවනීය තත්වයක්‌ හිමි අනන්‍යත්වයක්‌ ඇති ජාතියක්‌ ලෙස නැගී සිටීමට අවස්‌ථාව සලසා දුන් නායකයකු අද අපට සිටී. මෙම පොදු රාජ්‍ය මණ්‌ඩලීය සමුළුව ජනාධිපති මහින්දයන්ගේ මඩිබා මොහොත සලකන ලෙස මම අපගේ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙය අශෝක අධිරාජ්‍යා විසින් බුද්ධ වර්ෂ 3 වන ශත වර්ෂයේද ඇති කරන ලද අදටත් දිදුළන බෞද්ධ පොදුරාජ්‍ය මණ්‌ඩලයේ අපේක්‌ෂාව ලෙස දකින මෙන් ඉල්ලා සිටිමි.

පූජ්‍ය සුදුහුම්පොල විමලසාර හිමි
ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.