2013 නොවැම්බර් 09 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

ලක්‌ෂ 15ක කොන්ත්‍රාත්තුවක්‌ දී
අනියම් සැමියා එලොව යෑවූ කෝටිපතිනිය අත්අඩංගුවට

මුදල් ඉල්ලා දිගින් දිගටම කරදර කිරීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව ඇති මෙම කෝටිපති කාන්තාව සිය අනියම් සැමියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව කඩුවෙල ප්‍රදේ ශයේ සංවිධානාත්මක කණ්‌ඩා යමක්‌ වෙත භාරදී ඇති බවද අනාවරණය විය.

එ.ජා.ප. ය 'චොගම්' සමාරම්භක සැසියට පමණයි

සමුළුවෙන් අනතුරුව පැවැත්වෙන කිසිදු සැසියකට එ.ජා.ප. ය සහභාගි නොවන අතර සමුළුව පිළිබඳව විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අදහස්‌ දැක්‌වීමකට හෝ නිල ප්‍රකාශනයක්‌ සිදු කිරීම නොකරන...

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ආරක්‌ෂාව චොගම් සමුළුවට

ඊට හමුදා නිලධාරීහු 676 දෙනෙක්‌ ආරක්‌ෂක භටයෝ දාහතරදහසක්‌ සහ අතිරේක භටයෝ හාරදහසක්‌ සහභාගි වෙති.

අවම වශයෙන් රු. කෝටි 2580 ක මුදලක්‌
ආණ්‌ඩුවේ කෙනෙක්‌ කටුනායක අධිවේගී මාර්ගයෙන් කොමිස්‌ ගසා විදේශ බැංකුවක සඟවා තිබෙනවා

- මංගල සමරවීර

එම පුද්ගලයා මෙතරම් මුදල් උපයන්නේ කෙදිනක හෝ කැරකෝප්පුවක සිටින පොහොසත්ම මළ මිනිය වන්නට දැයි ද සිරිකොතදී පෙරේදා (07 දා) පැවැති එජාප මාධ්‍ය හමුවේදී කීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.

පංච පුද්ගල ඝාතනයේ සැකකරු 11 දා තෙක්‌ රිමාන්ඩ්

සැකකරු ලබන 11 වැනිදා පංච පුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පාපොච් චාරණයක්‌ කිරීමට නියමිතය.


කෝටි 22ක්‌ වංචා කළ 221දෙනෙක්‌ දැලේ

පිටරට රැකියා ලබාදෙන බව කියමින් සහ අනුන් සතු ඉඩම් අත්පත්කර ගෙන විකිණීම් ඇතුළු විවිධ වංචා රැසක්‌ කළ පිරිසක්‌ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අතර කාන්තාවෝ ද වෙති.

එජාප නායකත්ව මණ්‌ඩලය 14 වැනිදා වැඩ අල්ලයි

කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම මණ්‌ඩලයේ සාමාජිකයන් එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මහා සංඝරත්නය ඉදිරියේදී වැඩ භාර ගනු ඇත.

දින නියමයක්‌ නැතිව සපුගස්‌කන්ද පිරිපහදුව වැසේ

බොරතෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයක පමණ සිට අවිනිශ්චිත තත්ත් වයක පැවතීම පිරිපහදු සංකීර්ණය වසා දැමීමට මූලික හේතුව වී තිබේ.

පොදු රද මඬුලූ සමුළුව වෙනුවෙන් රු.500 ක සමරු නෝට්‌ටුවක්‌

මෙම රුපියල් 500 නව නෝට්‌ටු රුපියල් මිලියන 5 ක වටිනා කමක්‌ සඳහා නිකුත් කෙරෙන බවත්,...

අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළ තනතුරු ගැලවීමේ තැතක්‌

විභාග කොමසාරිස්‌ ජනරාල්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්‌ ජනරාල් සහ අධ්‍යාපන අමා ත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරු දෙකක්‌ ද අධ්‍යාපන පරිපාලන සේවයෙන් ඉවත් කිරීමේ....

බන්ධනාගාර රැඳවියන්ට සතියට දින දෙකක්‌ පලතුරු

සිරකරුවන්ට මෙම පලතුරු ලබාදෙන්නේ ඔවුන්ට පෝෂ්‍ය දායක ආහාර වේලක්‌ ලබාදීමේ වැඩසටහන යටතේ වෛද්‍ය වරුන්ගේ උපදෙස්‌ මත බව.....

බදු අයකර ගැනීමට හා ඇස්‌කීසි ක්‍රියාත්මක කිරීමට අධිකරණ 2 ක්‌ පිහිටුවනවා
- අගවිනිසුරු කියයි

රජයට අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට සහ නියෝග හා තීන්දු (ඇස්‌කීසී) ක්‍රියාත්මක කිරීමට විශේෂ අධිකරණ දෙකක්‌ ළඟදීම පිහිටුවන බව...

කෝටි 4 ක හෙරොයින් ගෙනා පාකිස්‌තානුවෝ වරද පිළිගනිති

මෙම විත්තිකරුවන් ගෙන් කොටසක්‌ හෙරොයින් ගිල ශ්‍රී ලංකාවට පැමිණි අතර අනෙක්‌ පිරිස තම ගමන් බෑග්වල ව්‍යාජ පතුල් සකසා ඒවා තුළ සඟවා හෙරොයින් ලංකාවට රැගෙන පැමිණි පුද්ගලයන්ය..

අලුත් මත්කුඩු විශේෂ යක්‌ රත්නපුර සහ
කිරිඇල්ලේ පාසල්වල පැතිර යයි

මෙම මත්කුඩු ද්‍රව්‍ය භාවිත කළ පසු ශිෂ්‍යයා සිනාසෙමින් සහ අවසිහියෙන් යුක්‌තව පංති කාමරය තුළ හැසිරෙන බව සොයාගෙන තිබේ.

යාපනය සරසවියේ සිසු ගැටුමින් තිදෙනෙක්‌ රෝහලේ

යාපනය අරසුඅඩි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නේවාසිකා ගාරයේ සිසුන් පිරිසකට නවකවධය දීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්‌වීමක්‌ මත...

කල්මුණේ නගරාධිපති ඉල්ලා අස්‌වෙයි

කල්මුණේ නගරාධිපති ධුරය වසර දෙක බැගින් ශිරාස්‌ මීරා සාහිබ් මහතාට හා නිසාම් කාරියප්පර් මහතාට ලබාදීමට එකඟතාවට පැමිණි නමුත්...

අනියම් පෙම නිසා ඇෆ්ගන් තරුණ
යුවළගේ බෙලි කපා මරා දමයි

ඇෆ්ගන් මුස්‌ලිම් සමාජයේ විවාහයෙන් පිට සබඳතා පැවැත්වීම ඉතාම දැඩි වරදක්‌ ලෙස සලකනු ලබයි.

ශාරුක්‌ට 48 යි දැන් ඔහු සුපිරි ධනවතෙක්‌

ඉන්දියාවේ ධනවතුන් අතර 114 වැනි ස්‌ථානයේ සිටින ශාරුක්‌ගේ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 400 කි.


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවට විරුද්ධත්වය පළ කරමින්ද රජය මගින් සිදු කරනු ලබන්නේ යෑයි කියනු ලබන විශ්වවිද්‍යාල හා නිදහස්‌ අධ්‍යාපනය තුළ කප්පාදු කිරීම්වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඊයේ (08 දා) දහවල් සටන් පාඨ කියමින් සිය විරෝධතාව මෙසේ පළ කළහ. ඡායා - සමන් අබේසිරිවර්ධන

දිවයින  සැනෙකින් පුවත්

ශ්‍රී ලංකාවේ පළමු පරිගණක නිපදවී මේ කර්මාන්ත ශාලාව විවෘතවෙයි


ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ජනාධිපතිවරයා පීත්ත පටිය කපා ඊ-විස්‌ පරිගණක නිමැවුම් ආයතනය විවෘත කළ අයුරු සහ එහි පරි ගණක නිපදවන සේවිකා වන්ය.

'චොගම්' හෙට සිට

පොදු රාජ්‍ය මණ්‌ඩල තරුණ සමුළුව හම්බන් තොට ජාත්‍යන්තර සම් මන්ත්‍රණ ශාලාවේදීත් පොදු රාජ්‍ය මණ්‌ඩල ජනතා සමුළුව හික්‌කඩුව ඡායා ට්‍රාන්ස්‌ හෝටලයේත් හෙට (10 දා) ආරම්භ වේ.


අවම Z ලකුණු අනුව 22943 දෙන කුට සරසවි වරම්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පනස්‌ පන්දහස්‌ දෙසිය හතලිස්‌ එක්‌ දෙනෙක්‌ අයෑදුම් කර සිටියහ.

මන්මෝහන්ගේ අව සන් තීරණය අද

කොන්ග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය හා මන්මෝහන් සිං මහතා අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී එහි තීර ණය ගැනීමට නියමිතය.

සජිත්ගේ නියෝජි තයන් ලෙස තලතා සහ රංජිත්ගේ නම් යෝජනා වී තිබුණා
එජාප ප්‍රකාශකයෙක්‌ කියයි

සජිත් හා කරු පාර්ශ්ව යට තවත් දෙදෙනකු බැගින් හතරදෙනකුගේ නම් ඇතුළත් නියෝජන යක්‌ ලබා නොදීම නිසා සජිත් ප්‍රේමදාස මහතා සහ තලතා අතුකෝරල මහත්මිය ඉන් ඉල්ලා අස්‌විණි.

රංගන ශිල්පී සිරිල් ධර්මවර්ධන අභාවප්‍රාප්ත වෙයි

මියයන විට හැට හත්වැනි වියේ පසුවූ ඔහු කලක සිට පෙනහළු පිළිකාවකින් පසුවිය.


21 වැනි සියවසේ පළමු වල්ගාතරුව ලබන සතියේ

වල්ගාතරුව ලබන සතියේ සිට ශ්‍රී ලාංකික ජනතාවට සියෑසින් දැක ගැනීමට අවස්‌ථාව උදාවන බව නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයත නය සඳහන් කරයි.

ෆොන්සේකාගේ පක්‍ෂයේ මනාප නඩුව විභාගයට

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් තරග කළ අපේක්‌ෂක යන්ට ලැබුණු මනාප ඡන්ද යළි ගණන් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ ....

කොළඹ දෙව්මැදුරු වල පහසුකම් තර කරයි

සමුළුව මෙවර ශ්‍රී ලංකා වේ පැවැත්වීම පිළිබඳව කතෝලික සභාව ඉමහත් සතුටට පත්වෙන බවද බෙනඩික්‌ ජෝශප් පියතුමා පවසයි.

ඇස්‌ වාට්‌ටුවේ සූදු පළ වැටලූ නිල ධාරීන් මාරුකිරීම මෙරට නීතිය වල් වැදීමක්‌
- කරු ජයසූරිය

ථාන මාරු කිරීමෙන් පෙනී යන්නේ මෙරට නීතිය වල් වැදීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් රාජ උදහසට ලක්‌වීම බව යෑයි එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා කියා සිටී.

ගල්වූ සිමෙන්ති යළි සකස්‌ කරද්දී අල්ලයි


ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම සිමෙන්ති තොගයේ වටිනාකම රුපියල් මිලියන තුනකට අධිකය.

පිළිකා රෝගය දැන් කැස්‌ස සෙම්ප්‍රති ශ්‍යාව තරමට සුලභ වෙලා - ඇමැති මෛත්‍රිපාල සිරිසේන

අපේ රටේ දවසකට 1000 ක්‌ මියයනවා. ඒ මියයන 1000 න් සියයට 60 මිය යන්නේ බෝ නොවන රෝගවලින්. ඒ සියයට 60 න් සියයට 70 ක්‌ මිය යන්නේ පිළිකා රෝගය නිසා.

පොලිස්‌ නිලධාරියකු අත තිබී
තවත් රුපියල් දෙදහසේ ව්‍යාජ
නෝට්‌ටුවක්‌ රත්න පුරයේදී හමුවේ

රාජකාරි කටයුතුවලට පිටත්ව යැම සඳහා පොලිසිය මගින් ලබාදුන් ගමන් වියදම් මුදල්වල මෙම නෝට්‌ටුව තිබූ බවත්...

වෙන්නප්පුවේ "වෙරෝනා" වෙතින් මහනුවර පිළිකා මධ්‍යස්‌ථානයට පරිත්‍යාගයක්‌

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික සහෝදර ජනතාවගේද වෙරෝනාහි ඉතාලි ජාතිකයින්ගේද නොමසුරු ආධාරය මත එකතු කර ගන්නා ලද රුපියල් දස ලක්‍ෂයක (10,00000) මුදල...


මඟුල් ගෙදර ගිය
24 ක්‌ රෝහලේ

තුවාලකරුවන්ගෙන් හතර දෙනකුගේ තත්ත්වය ඉතාමත් ම බරපතළ බැවින් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි වැලිමඩ රෝහල් ආරංචි මාර්ග පවසයි.


ෙඩ්‍රාන් ක්‍රියාකරුවාගේ පාපොච්චාරණය
මම මිනිස්‌සු
මැරෙනවා දැක්‌කා
ඒක අමතක කරන්න බැහැ

21 වැනි සියවසේ ඇමරිකානු ඝාතන යන්ත්‍රය ලෙසද ඔහු විරුදාවලිය ලබා ඇත. වයස 21 දී ෙඩ්‍රාන් ක්‍රියා කරුවකු වූ හෙතෙම අද මානසික රෝගියකු බවට පත්ව ඇත්තේ තමන් විසින් කළ ෙඩ්‍රාන් ප්‍රහා රවලින් මිනිසුන් කෑලි කෑලිවලට කැඩී මිය යනවා දැකීම නිසාය.


  • සතුරු බලවේග පැරදවූ පොදු රාජ්‍ය
    මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව

    සමුළුව මෙරට පැවැත්වීම නතර කිරීම සඳහා ස්‌විස්‌ බැංකුවල අති විශාල මුදල් සම්භාරයක්‌ ඇති කොටි ඩයස්‌පෝරාව විදෙස්‌ හා මෙරට රාජ්‍ය නොවන සංවිධාන ද්‍රවිඩ සන්ධානය තමිල්නාඩුවේ කොටි හිතවාදීහු සහ විවිධ පාර්ශ්ව දැරූ උත්සාහයන් සහ මෙහෙයුම් කිව නොහැකි තරම් ය.

  • ඩයලොග් කුසලාන ශ්‍රී ලංකා - නවසීලන්ත
    එක්‌දින තරගාවලිය හෙට ඇරඹේ
    පළමුව තරගාවලි ජය දෙවනුව නවකයන්ගේ අවස්‌ථාව
    - ඇන්ජලෝ මැතිව්ස්‌

    නවසීලන්ත කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් මැකලම් සහ රෝස්‌ ටේලර් වැනි ක්‍රීඩකයන් මෙම සංචාරයට සහභාගි නොවීම කණගාටුවට කරුණක්‌ බවත් තමා ඇතුළු කණ්‌ඩායමේ එකම අරමුණ තරගාවලිය ජය ගැනීම බවත් මැතිව්ස්‌ පවසයි.

     

  • ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද පිටත්ව යති
    දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා
    තරගාවලිය හෙට ඇරඹෙයි

    වසර පහක නිහඬතාවකින් පසු (2007) කලාපයේ යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වනු ලබන 2 වැනි කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර, තරගාවලියට අනුබද්ධිත තරග ඉසවු 34 ක්‌ (බාලක සහ බාලිකා) නියෝජනය කිරීම සඳහා රටවල් අටෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට ආසන්න පිරිසක්‌ සහභාගි වෙතැයි අපේක්‍ෂිතය.


Kapruka Shopping |  News


liya


 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.