සංඛ කාර්ය බහුල වෙලා

අප හදවත හඳුනාගත්ත සංගීත අධ්‍යක්‍ෂවරයෙක්‌ වන සංඛ දිනෙත් මේ දිනවල තමන්ගේ වෘත්තීයමය ජීවිතේ සතුටු දායක කාලයක්‌ ගත කරන බව තමයි, ආරංචිය. ඒ නොයෙක්‌ විදියේ සංගීත ආකෘතිය තමන් අතින් බිහිවන කාලයක්‌ නිසා එය ඉතාම සුන්දර අත්දැකීමක්‌ බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම විවිධ තේමාවන් රැගත් සංගීත නිර්මාණයන් වෙත අවධානය යොමු කරමින් ඔහු තරුණ සේවා සභාවේ උපදේශකයෙක්‌ විදිහට සේවය කරනවා. මේ සියලු වැඩ නිසා රසික රසිකාවියන්ගේ දුරකථන ඇමතුම් වලටද පිළිතුරු දෙන්න නොහැකි බවයි, ඔහු පවසන්නේ. කෙසේ නමුත් සංඛ මේ දිනවල සිටින්නේ තමන්ගේ ඊළඟ නිර්මාණ කටයුත්ත ගැනද යම් අධ්‍යයනයක්‌ කරමිනි.

පේෂලගේ සංගීත පාසල

අවුරුදු ගණනක්‌ තිස්‌සේ ඉන්දියාවේ සංගීතය හදාරමින් විශේෂයෙන් ඔස්‌තාද්වරු සමග හොඳ ගුරු ගෝල සබඳකමක්‌ තබා ගනිමින් ඉන්දීය ශාස්‌ත්‍රීය සංගීතයට පණ පොවන පේෂල ඉන්දියානු රාගධාරී සංගීතය මෙන්ම තබ්ලා වාදනයත් ඉතාමත් හොඳින් ග්‍රහණය කරගත්තෙක්‌. ඉන්දීය විශාරදවරයෙක්‌.

පේෂල මේ දවස්‌වල තමන් දන්නා දැනුම අන් අයට බෙදලා දෙනවා. නුවර සහ කුරුණෑගල පේෂල ඇකඩමි දෙකක්‌ ආරම්භ කර තිබෙනවා. පේෂල මනෝඡ් මේ දිනවල වෙහෙස වන්නේ තමන්ගේ සංගීත ඇකඩමිය තව තවත් දියුණු කරන්නයි.

නිරෝෂා ලයිව් ඉන් කොන්සර්ට්‌

නිරෝෂා විරාජිනීගේ Live in concert ප්‍රසංගයට එක්‌ වුණ සියලු දෙනා එය මනරම් සංගීත ප්‍රසංගයක්‌ බව සඳහන් කළා මෙන්ම දිගින් දිගටම එම ප්‍රසංගය පවත්වනවා නම් හොඳයි කියා සඳහන් කළා. නිරෝෂා විරාජිනී හැමදාමත් ආදරයට ආදරය කළ කෙනෙක්‌. කෙසේ වෙතත් ඈ ආදරණීය රසික රසිකාවියන් සමග හැමදාමත් ළඟින් ඉන්නවා. නිරෝෂා මේ දිනවල චෝගම් නිසා කාර්ය බහුල වෙලා. පොදු රාජ්‍ය මණ්‌ඩලීය ගායක හමුවේ අපේ කලාකරුවන් අතින් නිමැවුණ ඉදිරිපත් වුණ නිර්මාණ මුළු ලෝකයේම අවධානයට පාත්‍ර වනු නොඅනුමානයි. කවුරුත් ඒ ගැන සතුටින් සෙනෙහසින් කතා කළා. ඒක ඉතා හොඳ කණ්‌ඩායම් හැඟêමෙන් කරපු වැඩක්‌.

භාෂිණි සමරසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.