2013 රාජ්‍ය නාට්‍ය උළලේ හොඳම නළුවෝ

2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවා වූයේ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ 9 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන ලක්‌කාන්ත විහඟ අබේවික්‍රම නමැති සිසුවාය. 2013 හොඳම සහාය නළුවා වූයේ 7 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන සිනෙත් මධුෂාන් කුමාරසිංහය.

මෙහිදී මෙම ළමා නාට්‍ය උළෙලේ හොඳම නළුවා වූ ලක්‌කාන්ත විහඟ අබේවික්‍රම සහ සිනෙත් මධුෂාන් යන සිසුන් සමග කතාබ කරන්නට අපට අවස්‌ථාව සැලසිණි.

මෙහිදී කතාබහට මුලින්ම එක්‌ වුණේ ලක්‌කාන්ත විහඟ අබේවික්‍රම සිසුවාය.

නාට්‍ය ක්‍ෂේත්‍රයේ අත්දැකීම් මොනවාද?

2011 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ "චූටි බබා ලොකු ළමයෙක්‌" නාට්‍යයේ රංගනයෙන් ද, 2011 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත අංශය සංවිධානය කළ ගණිත නාට්‍ය තරගය සඳහා රංගනයෙන් ද, 2012 ගණිත නාට්‍ය තරගයේ "මැජික්‌කාරයෝ" නාට්‍යයේ රංගනයෙන් ද, 2013 සමතුලිතය ගණිත නාට්‍ය තරගයේ රංගනයෙන් ද, 2012 ජාතික අධ්‍යාපන ආයතනයේ නැණැස නාලිකාවේ රංග ශිල්පියකු ලෙස ද කටයුතු කළා.

2013 දී "පාට තුනයි එකම මලයි" නාට්‍යයට රංගනයෙන් දායක වී හොඳම නළුවා වුණා.

ඔබේ ගමනට අතහිත දුන් අය කවුද?

අම්මා, අක්‌කා, අයියා, හරීන්ද්‍ර දසනායක, නාට්‍ය ගුරුතුමා, ජනක්‌ ප්‍රේමලාල් නාට්‍ය ගුරුතුමා, පරිවේණාධිපති ඕපල්ලේ ඥනසිරි හිමි, වාසනා බේකර්ස්‌ අධිපති දයානන්ද බෝඹුවල යන මහත්වරුන්ගෙන් ලැබෙන අතහිත කියා නිම කරන්න බැහැ.

නාට්‍ය කලාවේ අත්දැකීම් ලැබුවේ කොහොමද?

සුභාෂණ කූරගල ගුරුතුමාගේ නාට්‍යවල රංගනයේ යෙදීමෙන්.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්‌ද?

නාට්‍ය කලාව හොඳින් ඉගෙනගෙන නාට්‍ය කලාව තුළ රැඳී සිටිමින් දක්‍ෂ රංගන ශිල්පියකු වීම.

සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. තවදුරටත් නාට්‍ය කලාව හැදැරීමට මාර්ගයක්‌ වුණා. අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන අයුරින් නාට්‍යවල රඟපාන්න කැමැතියි. මගේ ජයග්‍රහණයෙන් විද්‍යාරත්න මාතාවට කීර්තියක්‌ ගෙනඑAමට හැකිවීම ගැන ලොකු සතුටක්‌ තිබෙනවා. අම්මයි අක්‌කයි සතුටුවීම සම්මානය ලැබුණටත් වඩා ලොකු සතුටක්‌.



ඊළඟට අපත් සමග කතාබහට එක්‌වුණේ සිනෙත් මධුෂාන් සිසුවාය.

නාට්‍ය ක්‍ෂේත්‍රයේ අත්දැකීම් මොනවාද?

2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඉංගී්‍රසි අංශය "ඛ්zහ දබැ ෙකැd" යන නාට්‍යයට රංගනයෙන් දායක වුණා. 2012 "කම්මැලියා පැනලා ගියා" ළමා නාට්‍යයට රංගනයෙන් එක්‌ වුණා. 2013 පාසල් ගණිත නාට්‍ය උළෙලේදී "සමතුලිතය" නාට්‍යයේ රංගනයෙන් දායක වුණා. 2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ "පාට තුනයි එකම මලයි" නාට්‍යයේ රඟපාලා හොඳම සහාය නළුවා වුණා.

ඔබට අතහිත දුන් අය කවුද?

මගේ පළමු පාසල වූ ඉංගිරිය ශ්‍රී සුමනජෝති විදුහලේ පොඩිමැණිකේ ගුරුතුමිය, විද්‍යාරත්නයේ පීඨාධිපති ඕපල්ලේ ඥනසිරි හිමියන්, හරීන්ද්‍ර දසනායක ගුරුතුමා, කුරුගල ගුරුතුමා, ජනක්‌ ප්‍රේමලාල් ගුරුතුමා. මේ අයගෙන් ලැබුණු අතහිත මගේ ගමනට ශක්‌තියක්‌."

සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මා ලැබූ ප්‍රථම සම්මානය මෙයයි. මෙය මට ඉතා වටිනවා. ළමයෙක්‌ වුණත් මට වටිනා යමක්‌ කළ හැකි බව ප්‍රත්‍යක්‍ෂ වුණා. සතුටුයි. මටත් වඩා මගේ අම්මටයි තාත්තාටයි සතුටුයි.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්‌ද?

නාට්‍යවල රඟපෑවත් මගේ එකම අරමුණ හොඳින් ඉගෙන ගැනීම. ලංකාවේ දක්‍ෂතම නළුවෙක්‌ වෙන්නත් ආසයි. පාසල් වැඩවලට බාධා නොවන අයුරින් රඟපාන්න ලැබුණොත් මා රඟපානවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.