මොබිටෙල් m Ticketing හරහා රාජ්‍ය සේවකයින්ට
නිදහස්‌ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවස්‌ථාව


අකිත පෙරේරා

රාජ්‍ය සේවකයින්ට හිමි නිදහස්‌ ගමන් බලපත්‍රය (warrants) ඉදිරිපත් කොට දුම්රිය ප්‍රවේශපත් කලින් වෙන් කර ගැනීමේ හැකියාව දැන් උදා වී ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග එක්‌ව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩ පිළිවෙළ තුළින් ලක්‍ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින්ට සිය ගමනාන්තය දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග එක්‌ වී ආරම්භයේදී එම් ටිකෙටින් සේවාව ක්‍රියාත්මක කළ අතර එමගින් කොළඹ කොටුවෙන් ඇරඹෙන දුම්රිය සඳහා පමණක්‌ ප්‍රවේශපත් වෙන් කළ හැකි විය. නමුත් මොබිටෙල් ආයතනය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අතර වූ සහයෝගයේ ප්‍රතිඵලයක්‌ ලෙස කෙටි කාල පරාසයක්‌ තුළ සෙසු ජනාකීර්ණ දුම්රිය ස්‌ථානවලින්ද මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබිණි.

මෙම සේවාවේ ව්‍යාප්තියත් සමග කොළඹ - මහනුවර කොළඹ -මාතර මුහුදුබඩ දුම්රිය මාර්ගය, කොළඹ- මඩකලපුව දුම්රිය මාර්ගය ආදී ගමනාන්තයන් දක්‌වා m Ticketing සේවාවෙන් ප්‍රවේශපත් වෙන්කිරීමට හැකියාව ලැබිණි.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් 14 වන දින කිලිනොච්චිය දක්‌වා විවෘත වූ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ටද මෙම පහසුකම ලබාදීමට හැකි වූ අතර m Ticketing සේවාව තුළින් කිලිනොච්චියෙහි පිහිටි දුම්රිය ස්‌ථානයෙන් හා යාපනය දුම්රිය ස්‌ථානය වෙනුවට එහි පිහිටි මොබිටෙල් ශාඛාවෙන් දුම්රිය ප්‍රවේශපත් වෙන්කිරීමට එම ප්‍රදේශවල ජනතාවට අවස්‌ථාව උදාවිය.

m Ticketing සේවාව ඔස්‌සේ සිය නිදහස්‌ ගමන් බලපත්‍ර වරප්‍රසාදය සඳහා ප්‍රවේශපත් වෙන් කරන රාජ්‍ය සේවා නියුක්‌තිකයන්ට අදාළ ප්‍රවේශපත් කොළඹ කොටුවෙන් බැහැර ජනාකීර්ණ දුම්රිය ස්‌ථානයන්ගෙන්ද ලබාගත හැකිය. 365 ඇමතීමෙන් අදාළ රාජ්‍ය සේවා නියුක්‌තිකයා සිය නිදහස්‌ ගමන් බලපත්‍ර වරප්‍රසාදය පිළිබඳ ලබාදෙන තොරතුරුවලට අනුව මොබිටෙල් ආයතනය විසින් මගියාට අදාළ යොමු අංකයක්‌ ලබාදෙනු ඇත. අදාළ යොමු අංකය සහ නිදහස්‌ ගමන් බලපත්‍රය මෙම සේවාව හා සම්බන්ධ m Ticketing සේවාව ලබාදෙන දුම්රිය ස්‌ථානයට ඉදිරිපත් කර තමන් වෙන් කළ ප්‍රවේශපත් ලබාගැනීමට ඔවුනට අවස්‌ථාව උදාවේ.

ජායාරූපය - කමල් බෝගොඩ

සංස්‌කරණය - අසෝක වන්නිආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.