EGB-BREADTALK අගනා ආහාරවේල් 2ක්‌ හඳුන්වාදෙය

ප්‍රභාත් විතාන

BREADTALK ශ්‍රී ලංකා හා එලිෆන්ට්‌ හවුස්‌ සහයෝගිත්වයෙන් EGB සමග අගනා ආහාර වේල් දෙකක්‌ පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.

මෙම රසවත් ගනුදෙනුව සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සිසිල්බීම EGB ප්‍රතිලාභයක්‌ ලෙස පාරිභෝගිකයාට ලැබේ. මේ රසවත් ගනුදෙනුව ෆයර් කරි සහ EGB හා නයිට්‌ බයිට්‌ සමග EGB වේ.

මෙම ප්‍රනීත ආහාර දිවා රාත්‍රි ආහාර වේලක අවශ්‍යතාවය සපුරනු ඇත. අපගේ වටිනා දැනුවත් පාරිභෝගික ජනතාවට BREADTALK හි තත්ත්වයෙන් උසස්‌ ප්‍රනීත ආහාර වේලක රසය විඳගැනීමට හැක.

දිනපතා දිවා ආහාරය සඳහා ෆයර් කරි සමග EGB ආහාර වේලෙහි ජනප්‍රියතාව වැඩිවෙමින් පවතින අතර ශ්‍රී ලංකා BREADTALK කණ්‌ඩායම විශේෂිතවම අඩුපාඩුවක්‌ නැතිව සෑදු ශ්‍රී ලංකන් රයිස්‌ ඇන් කරි රු. 420ක්‌ වැනි මුදලකට ලබාදේ. EGB එකක්‌ නියමිත ප්‍රමාණයේ පැදපු කුකුල් අඬුවක්‌ සමග ප්‍රනීතිව පිසූ ව්‍යංජන, අල, බෝංචි, වම්බටු, බීට්‌රූට්‌ සමග ස්‌ටීම් රයිස්‌ (වාෂ්පයෙන් තැබ්බූ බත්) මේ සෞඛ්‍ය සම්පන්න, පෝෂණීය ආහාර වේල එකතුවේ.

අනෙක්‌ වර්ගය වන නයිට්‌ බයිට්‌ සමග EGB වන අතර සවස්‌ යාමයේ කෙටි කෑමකට මිතුරන් සමග එක්‌වන මොහොතක රු. 340ක්‌ වැනි මුදලකට මෙය ලබාගත හැක. මේ සඳහා BREADTALK හි වඩාත් ජනප්‍රිය ආහාර වර්ග වන චිකන් ප්ලොස්‌ සහ හෝ ස්‌පයිසි පොටේටෝස්‌ බන් ලබාදෙන අතර ආහාරයේ රසය තවත් වැඩිකරන කූල් EGB එකක්‌ අමතරව ලැබේ.

BREADTALK ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ යටිල විඡේමාන්න මහතා ජෝන් කීල්ස්‌ සමූහ ව්‍යාපාරයේ උප සභාපති, සිලෝන් කෝල්a ස්‌ටෝර්ස්‌හි සිසිල් බීම අංශයේ ප්‍රධානී චන්දිම පෙරේරා යන මහත්වරුන් නව ආහාර වට්‌ටෝරු හඳුන්වා දුන් අයුරු ඡායාරූපයේ.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.