යුනිලීවර් ශ්‍රී ලංකා ඉතිහාසයේ
පළමු වරට කාන්තාවක්‌ මුල් පුටුවට


2013 නොවැම්බර 1 යුනිලීවර් ශ්‍රී ලංකා ඉතිහාසයට වැදගත් දවසක්‌ වුණි. ඒ එහි පළමු සභාපතිනිය වශයෙන් ෂාසියා සයිඩ් රාජකාරී ආරම්භ කිරීම නිසා ය. ඇය යුනිලීවර් ශ්‍රී ලංකා හි සභාපති තනතුරට පත් පළමු කාන්තාව වන්නීය. තම පූර්වගාමියා වූ අමල් කබ්රාල් සේ ම, ෂාසියා ද තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේ යුනිලීවර් සමාගමේ පුහුණු වන කළමනාකාරිණියක වශයෙනි.

ආයතනය සමග වූ අවුරුදු 24 ක සේවා කාලය තුළ යුනිලීවර් හි විවිධ අංශවල සේවය කර ඇති ෂාසියා 2000 වසරේ දී වියට්‌නාමයේ තෙවසරක කාල පරිච්ඡේදයක්‌ සඳහා තෝරා පත් කර ගන්නා ලදී. එහි දී ඇය, යුනිලීවර් පුද්ගල සනීපාරක්‍ෂක නිෂ්පාදන සඳහා වූ ව්‍යාපාර ඒකකයේ ප්‍රධානියා වශයෙන් සේවය කළාය. 2004 වසරේදී නැවතත් පකිස්‌තානයට පැමිණියේ ගෘහ සහ පුද්ගල සනීපාරක්‍ෂක අංශයේ උප සභාපතිනිය වශයෙනි. පසුව ආහාර සහ බීම අංශයට පත් වූවාය. 2008 වසර, ඇගේ වර්ණවත් වෘත්තීය ජීවිතයේ සන්ධිස්‌ථානයක්‌ විය. යුනිලීවර් පාකිස්‌තාන් ෆqඩ්ස්‌ ලිමිටඩ් හි අධ්‍යක්‍ෂ ධුරය දරමින් ම යුනිලීවර් පාකිස්‌තාන් හි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ඇතුළත් වීමට ද ඇය සමත් වූවාය.

තමාගේ නවතම වගකීම පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඇය පවසන්නේ මෙවැන්නකි. දමා ඇති ශක්‌තිමත් අඩිතාලම විසින් යුනිලීවර් ශ්‍රී ලංකා වෙත ලබා දී ඇත්තේ නොකඩවා පවත්වා ගෙන යන සාර්ථක භාවයකි. එය තව තවත් වර්ධනය කරමින් ඉදිරියට රැගෙන යැමට මම බලාපොරොත්තු වෙමි. නිවැරදි මනෝභාවයන් සහ පැහැදිලි සැලසුම් සහිත තරුණ, අපේක්‍ෂා සහගත කණ්‌ඩායමකට නායකත්වය දීමට ලැබීම මහත් සතුටකි. එම කණ්‌ඩායම් සමග පෙර නොවූ විරූ ජයග්‍රහණයන් කරා ළඟා වීමට සමාගමට ඇති හැකියාව පිළිබඳ මට ඇත්තේ මහත් වූ විශ්වාසයකි. යුනිලීවර් ශ්‍රී ලංකා හි සභාපති තනතුරට පත් පළමු කාන්තාව වශයෙන් තම කාර්යභාරය පිළිබඳ අදහස්‌ දක්‌වන ඇය එය මට සැබැවින්ම ආඩම්බරයට කාරණයක්‌. විවිධත්වයේ තානාපතිවරියක වශයෙන් කටයුතු කිරීමට ලැබීම ගෞරවයකි යි පවසන්නීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.