'රිෆaලෙක්‌ෂන් ඔෆa ශ්‍රී ලංකා' ඉතිහාසයේ
දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනයයි

අපනයන සංවර්ධන මණ්‌ඩලයේ සභාපති බන්දුල එගොඩගේ


පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට සමගාමීව 'රිෆaලෙක්‌ෂන් ඔෆa ශ්‍රී ලංකා' නමින් සංවිධානය කර තිබෙන වෙළෙඳ, සංචාරක හා ආයෝජන ප්‍රදර්ශනය ලබන 13දා සිට 17දා දක්‌වා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇත.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත අපනයන සංවර්ධන මණ්‌ඩලය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන බව අපනයන සංවර්ධන මණ්‌ඩලයේ සභාපති බන්දුල එගොඩගේ මහතා පවසයි.

පොදුරාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ව්‍යාපාරික හමුවට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ආයෝජකයන් හා ව්‍යාපාරිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණෙන ගැනුම්කරුවන් හා වෙළෙඳ දූත පිරිස්‌ ඉලක්‌ක කර මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වෙළෙඳ ප්‍රදර්ශනය මෙය බවද බන්දුල එගොඩගේ මහතා පවසයි. මෙම ප්‍රදර්ශනය සඳහා විදෙස්‌ ගැනුම්කරුවන් දහසකට අධික පිරිසක්‌ සහභාගිවීමට නියමිත අතර දේශීය සෘජු අපනයනයකරුවන් 300ක්‌ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් විදේශ තාක්‍ෂණ සැපයුම්කරුවන් දේශීය යන්ත්‍ර නිෂ්පාදකයන් වෙනුවෙන් හා සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රදර්ශන කුටි 800කින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

වෙළෙඳ සංචාරක හා ආයෝජන යන අංශ 3 යටතේ මෙම ප්‍රදර්ශනය පවත්වන අතර මෙමගින් අන්තර්ජාතික වෙළෙ¹මෙන් ශ්‍රී ලංකාව මෙතෙක්‌ අත්පත් කරගෙන ඇති ප්‍රගතිය විදෙස්‌ ආයෝජකයන්ට හා වෙළෙඳ දූත පිරිස්‌වලට විදහා දැක්‌වීමට හා අනාගත ආයෝජන අවස්‌ථා උදාකර ගැනීමටත් මෙය මහඟු අවස්‌ථාවක්‌ බවත් එගොඩගේ මහතා සඳහන් කරයි.

ලබන 13දා සිට 17 වැනිදා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 13 වැනිදා පස්‌වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය. 13 සහ 16 දෙදින මෙම ප්‍රදර්ශනය විදේශීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් හා සංචාරකයන් වෙනුවෙන් විවෘත පවතී. 14, 15, 17 යන දිනයන්හිදී මහජනතාවට මෙම ප්‍රදර්ශනය නැරැඹීමට අවස්‌ථාව උදාවේ.

මහජනතාවට මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අප අදහස්‌ කරන්නේ ඔවුන්ට අපනයන කටයුතු සම්බන්ධව යම් දැනුමක්‌ ලබාදීම සහ ඒ සඳහා අවතීර්න වීමට සිටින අයට අවස්‌ථාවක්‌ ලබාදීමේ අරමුණ ඇතිවයි. මේ තුළින් රටට අනාගතයේදී සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියි. ඒ නිසා මෙම ප්‍රදර්ශනය මගින් ඉදිරියේදී රටේ ආර්ථික වර්ධනය කර ගැනීමට තිබෙන සන්ධිස්‌ථානයක්‌ ලෙසත් නම් කළ හැකියි.

එමෙන්ම මෙරට සිටින අපනයනකරුවන්ට එකවර රටවල් රැසක ව්‍යාපාරිකයන් හමුවීමට හැකිවීමත් එමගින් ඔවුන්ගේ ව්‍යාපාර සම්බන්ධතා ඇතිකර ගැනීමටත් මෙය මහඟු අවස්‌ථාවක්‌ ලෙසද හැඳින්විය හැකියි.

ලබන 13 වැනිදා සිට 17 වැනිදා දක්‌වා පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්‌වා මෙම ප්‍රදර්ශනය විවෘතව පවතී.

අපනයන සංවර්ධන මණ්‌ඩලයේ සභාපති

බන්දුල එගොඩගේ මහතා සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරිනි.

ප්‍රභාත් විතාන
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.