Pro sport වෙළෙඳ ලාංඡනය Pro ලෙස වෙනස්‌ වෙයි

හේමාස්‌ මැනුෆeක්‌චරින් සමාගම කඩවසම් තාරුණ්‍යය වෙනුවෙන් හඳුන්වාදෙනු ලැබූ Pro sport (ප්‍රොa ස්‌පෝර්ට්‌) නිෂ්පාදන පෙළ PRO ලෙසින් නව මුහුණුවරකින් එළි දක්‌වයි. ඒ යටතේ විලවුන් (Eau De Toilette sprays) හෙයාර් ඡේල් (Hair Gel) සහ ඩියෝඩ්‍රන්ට්‌ බොඩි ස්‌ප්‍රේ (Deodorant Body Spray) යන කාණ්‌ඩවලට අයත් නිෂ්පාදන පෙළක්‌ තාරුණ්‍යයට ගැළපෙන නව මුහුණුවරකින් හඳුන්වාදී තිබේ.

90 දශකය අග භාගයේදී ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබූ PRO හි මෙතෙක්‌ පැවැති නාමය වන Pro sport වෙළෙඳ නාමය තාරුණ්‍යය වෙත තිළිණ කළ කොලෝන් ස්‌ප්ලෑෂ්, ආෆaටර් ශේව්, ටැල්ක්‌, හෙයාර් ජෙල් සහ ක්‍රීම් (Cologne splash, after shave, talc, hair gel and hair cream) ක්‍රීඩා ශීලී යෞවනය අතර ඉමහත් ජනප්‍රිය නිෂ්පාදන පෙළක්‌ විය.

නව මුහුණුවරකින් හඳුන්වාදුන් PRO නව මානයන් ඔස්‌සේ ගෝලීය ජීවන රටාවන්ට සහ ප්‍රවණතාවන්ට ගැලපෙන පරිදි වර්තමාන පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය, නිරන්තරව වෙනස්‌ වන නාගරික තාරුණ්‍යයේ ආකර්ෂණය සපිරි විලාසිතා සමග සැසඳෙන යෞවනයේ කඩවසම් බව රැකෙන නිෂ්පාදන රැසක්‌ මේ යටතේ හඳුන්වා දී තිබේ.

නව PRO වෙළෙඳ නාමයට අයත් නිල වෙළෙඳ ලාංඡනය හේමාස්‌ මැනුෆeක්‌චරින්හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අතින් එළි දැක්‌ වූ අතර එහිදී අදහස්‌ දැක්‌ වූ හේමාස්‌ මැනුෆeක්‌චරින්හි කළමනාකාර අධ්‍යක්‍ෂ රෝයි ජෝෂප් මහතා පැවසුවේ "PRO වෙළෙඳ නාමය යළි දියත් කරමින් අපි ශ්‍රී ලාංකීය තරුණයන් වෙත ඔවුනට තමන්ගේම කරගත හැකි පුද්ගල කඩවසම් බව ඔප්නංවන නව මාර්ගයක්‌ විවර කළා. එය ආත්ම විශ්වාසය ජීවිතයේ සියලු කඩඉම් ජයග්‍රහණය කරා මෙහෙය වන අතර මනා පෞරුෂයක්‌ පවත්වාගනිමින් තරගකාරී ලෝකය තුළ මෙම අභියෝග ජය ගැනීමට ඇති වේගවත්ම මාර්ගයයි." යනුවෙනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ඒ මහතා පෙන්වා දුන්නේ සීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගත් කඩවසම් බව වැඩිදියුණු කරන නිෂ්පාදන රැසක්‌ හේමාස්‌ සතුවන බවය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.