Akzo Nobel නැවතත්
ඩොව් ජෝන්ස්‌ ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට


ෆෝචූන් සඟරාව මගින් ප්‍රකාශිත ලොව පුරා ව්‍යාප්ත සුප්‍රකට සමාගම් 500 අතුරින් ලෝකයේ විශාලතම තීන්ත හා ආලේපන නිෂ්පාදන ආයතනය වන Akzo Nobel ආයතනයට අඛණ්‌ඩව දෙවැනි වරටත් දීර්ඝ කාලීන පැවැත්ම සඳහා වන ඩොව් ජෝන්ස්‌ ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු ස්‌ථානය දිනා ඇත.

මෑතකදී එළිදැක්‌වූ මෙම ලැයිස්‌තුවේ අඛණ්‌ඩව වසර 8 ක්‌ පුරාවට පළමු ස්‌ථාන 3 අතර රැඳීමට සමත් වීමෙන් අඛණ්‌ඩ වර්ධනය සඳහා ආයතනයේ දැඩි කැපවීම මනාව ප්‍රදර්ශනය වේ.

Akzo Nobel ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොන් බුචිනර් මහතා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් ගෞරවාන්විත වූත්, අතිශයින්ම වැදගත් වූත් මෙවැනි ශ්‍රේණිගත කිරීමක නැවත වතාවක්‌ පළමු ස්‌ථානය හිමිකර ගැනීමට හැකිවීම පිළිබඳව ආයතනයේ සියලු දෙනාම අතිශයින්ම සතුටු වන බව ප්‍රකාශ කළේය. තවද දිගුකල් පැවැත්ම යනු සම්පත් ඵලදායී ලෙස යොදා ගෙන වටිනාකම් ජනිත කිරීම අපගේ කළමනාකරණ උපාය මාර්ගයේ මූලිකාංගයක්‌ වන අතර DJSI සටහනේ පළමු ස්‌ථානය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට හැකිවීමෙන් " කල් පැවැත්ම යනු ව්‍යාපාරයයි. ව්‍යාපාරය යනු කල් පැවැත්මයි." යන අපගේ විශ්වාසය මනාව පෙන්නුම් කරන බව කියා සිටියේය.

දීර්ඝ කාලීන පැවැත්ම Akzo Nobe හි ව්‍යාපාරික ක්‍රියාකාරික සහ ආයතනයේ නිපුණතාව පූර්ණ අවශ්‍යතාවක්‌ බවට පත් කිරීමට දරණ ලද දැඩි උත්සාහය වෙනුවෙන් ආයතනයේ සේවකයන්ට විශාල කීර්තියක්‌ හිමි විය යුතුයි. "පසුගිය වසර 2 කට පුරා අඛණ්‌ඩව පළමු ස්‌ථානයේ රැඳීමට හැකිවීම සියලු දෙනාටම ආඩම්බර විය හැකි කරුණක්‌. එසේම එයින් අප සියලු දෙනාම එක්‌ව, වෙනස්‌ වන අවශ්‍යතා සහිත ගෝලීය වෙළෙඳපොළ තේරුම්ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක්‌ දැරීම සහ පාරිභෝගික අවශ්‍යතා ඉටුකිරීම සඳහා නවීණ තාක්‍ෂණය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවබෝධයක්‌ ලබා ගැනීමට හැකි විය." යනුවෙන් තව දුරටත් ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.