C W Mackie වෙතින් ශීතකිරීම් කර්මාන්තයට කාර්යක්‍ෂම විසඳුම්

සියවසකටත් වැඩි කාලයක සිට සාර්ථක ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන C WMackie සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්‍ෂේත්‍ර රැසක විවිධාංගීකරණය වූ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර ආයතනයකි. මෙවර ඔවුන් ලොව ප්‍රමුඛතම ශීතකිරීම් සහ කාර්යක්‍ෂම උපාංග සපයන ඩෙන්මාර්කයේ ඩැන්ෙෆdස්‌ කර්මාන්ත ආයතනය (Danfoss), Semi Hermetic
Compressor නිෂ්පාදනය කරන ඉතාලියේ ෆeරැස්‌කොල්ඩ් (Frascold) සමාගම, Milk Chilling ටැංකි නිෂ්පාදනය කරන එංගලන්තයේ ඩෝරී කෝල් (Dari Kool) සමාගම සහ Evaporators නිෂ්පාදනය කරන ජර්මනියේ රෝලර් (Roller) යන සමාගම් සමග අත්වැල් බැඳගෙන ශීතකිරීම් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නව අවස්‌ථා රැසක ක්‍රියාකාරී ආයතනයක්‌ බවට පත්ව සිටී.

Danfoss, Frasold, Dari - Kool සහ Roller යන සමාගම් ශීතකිරීම් සහ වායුසමන කර්මාන්ත ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සහ හැකියාවන් බහුල සමාගම් සමුහයකි. එම නිසා එම සමාගම්වලට එකිනෙක පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුව සඵලදායී කාර්යක්‍ෂම විසඳුම් පහසුවෙන් සහ පාරිභෝගිකයාට වඩාත් වාසිදායක වන ලෙස ලබාදීමට හැකි සියලු හැකියාවන්ගෙන් සමන්විතය.

Danfoss, Frasold, Dari - Kool සහ Roller යන සන්නාම ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමේ එකම බලයලත් නියෝජිතයා වන C W Mackie සමාගම ශීතකිරීම් ව්‍යාපාර අංශයේ වර්ධනය වන අවස්‌ථා ග්‍රහනය කරගැනීමට කටයුතු කරයි. C W Mackie සමාගමේ ශීතකිරීම් සහ වායුසමන අංශයේ කළමනාකරු වන පුබුදු වීරසේකර මහතා අදහස්‌ දක්‌වමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සිදුවන වේගවත් වර්ධනය, සීඝ්‍රයෙන් සිදුවන නාගරීකරණය ආදී ප්‍රවනතා නිසාවෙන් controls, compressors සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක්‌ රට තුළ ඇතිවිය හැකි බවයි. "

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.