අමානා බැංකුව සෙරන්ඩිබ් අධ්‍යාපන පදනමේ
ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අනුග්‍රහය ලබාදෙයි


සෙරන්ඩිබ් අධ්‍යාපන පදනම විසින් පවත්වා ගෙන යනු ලබන ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් හට මුල්‍ය ආධාර ලබාදීමේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අමානා බැංකුව තම මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදී ඇත. ඒ යටතේ දක්‌ෂතාවන්ගෙන් පිරි 300 කට අධික සිසු සිසුවියන් පිරිසක්‌ වෙත ශිෂ්‍යත්ව ප්‍රර්නය කිරීම පසුගියර් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකාර ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවැරදි ඇගයීමක්‌ සිදුකර මෙම සිසු පිරිස තෝරාගන්නා ලදී.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වන අමානා බැංකුවේ උපාය මාර්ගික අලෙවි සහ පාරිභෝගික බැංකු කටයුතු පිළිබඳ උප සභාපති සිද්දික්‌ අක්‌බාර් මහතා "අමානා බැංකුව විවිධ ක්‍රම ඔස්‌සේ දරිද්‍රතාවය තුරන්කිරීම උදෙසා කටයුතු කරනු ලබනවා. ඒ අතර අපි ඉලක්‌ක කරන ප්‍රධාන අංශයක්‌ වන්නේ අධ්‍යාපන මට්‌ටම ඉහළ නැංවීමයි. සෙරන්ඩිබ් අධ්‍යාපන පදනම විසින් දක්‌ෂතා ඇති සිසුදරුවන් දිරිමත් කරමින් ඔවුන්ගේ උසස්‌ අධ්‍යාපනය සඳහා ලබාදෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අපි අතිශයින්ම සතුටට පත්වෙනවා" යනුවෙන් පවසා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.