ඇඩ්වෙන්ටස්‌ අධ්‍යාපන ආයතනයෙන් වැඩසටහන් මාලාවක්‌

තිස්‌ස ගුණතිලක

ලොව ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන සපයන ආයතනයක්‌ වන ඇඩ්වෙන්ටස්‌ එඩියුකේෂන් ආයතනය ශ්‍රී ලංකාවේ සුවිශේෂී අධ්‍යාපන සේවා සපයන ආයතනයක්‌ බවට පත් වූයේ දශක ගණනාවක්‌ අධ්‍යාපන සේවා සැපයීම පිළිබඳ ලබා ඇති අන්තර්ජාතික පළපුරුද්දත් එහි කොළඹ කාර්යාලයේ සේවයේ යුතු විශිෂ්ට කාර්ය මණ්‌ඩලයත් නිසා බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්‌ ප්‍රයිස්‌ මහතා අවධාරණය කළේය.

අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත් ශිෂ්‍ය උපදේශන සේවයක්‌ සහ අධ්‍යාපන ව්‍යාපෘති කළමනාකරණයක්‌ සතු ඇඩ්වෙන්ටස්‌ ආයතනය අන්තර්ජාතික විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන 250 කට වඩා වැඩි සංඛ්‍යාවක්‌ සමග සබඳකම් පවත්වන ආයතනයකි.

කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, එක්‌සත් රාජධානිය සහ ඇමරිකාව වැනි රටවල අධ්‍යාපනය හැදෑරීම සඳහා අධ්‍යාපන අවස්‌ථාව උදාකිරීමේදී ඇඩ්වෙන්ටස්‌ ආයතනය සතුව ඉහළ මට්‌ටමේ හැකියාවන් පවතී.

එහිදී උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමේ සිට ස්‌වකීය අනාගත රැකියා අපේක්‍ෂා සපුරා ගැනීමත් ඒ සඳහා ප්‍රශස්‌ථ අධ්‍යාපන අවස්‌ථා සොයා ගැනීමට උපදේශන සේවා සැපයීමත් සිසු සිසුවියන්ට වීසා සහ විදේශ ගමන් සංවිධානය කර ගැනීමටත් මෙම ආයතනය උපකාර කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.