විජේවීර ගැන සමාන්තර කතාව
එස්‌. ඒ. වික්‍රමසිංහගේ අතින් පීටර් කෙනමන්
අතට ගිය දරුවා

ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර අද ජීවත් වූයේ නම් හැත්තැ හැවිරිදි ය. ඔහු මරා දමා මේ වසරට වසර 25 කි. 1943 ජුලි 14 වැනිදා ඔහු උපදින්නේ පසු කාලයේදී ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සභාපති බවට

පත්වූ දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහගේ පෞද්ගලික චිකිත්සාගාරය තූළ වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේය. උපන් සැනින් වින්නඹු මාතාව විසින් රෝහණ විජේවීර

දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ අතට පත් කරන ලදී. ඉන්පසු බිළි¹ චිකිත්සාගාරයෙන් පිටත කාමරයකට ගෙනවුත් එහි රැඳීසිටි පීටර් කෙනමන් අතට දුන් දොස්‌තර වික්‍රමසිංහ බිළි¹ගේ මවට අවශ්‍ය ප්‍රතිකාර කළේය. පසු කාලයේදී මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ යෝධයන් බවට පත් වුණාවුද 1970-77 සමඟි පෙරමුණු ආණ්‌ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ලෙස කටයුතු කළා වූද දොස්‌තර එස්‌. ඒ. වික්‍රමසිංහ සහ පීටර් කෙනමන් කිසිවිටකත් විජේවීරගේ දේශපාලන විලාසිතාව අනුමත දිය කළේ නැත. 1970 දී සමඟි පෙරමුණ ආණ්‌ඩුවට පත් කිරීමට බොහෝ මහන්සි වී වැඩකළ විජේවීර සිය පළමුවන සන්නද්ධ අරගලය 1971 දී ආරම්භ කළේ එම ආණ්‌ඩුවේ නායිකාව වූ සිරිමා බණ්‌ඩාරනායක මැතිණියට එරෙහිව පමණක්‌ නොව දොස්‌තර වික්‍රමසිංහට සහ පීටර් කෙනමන්ටත් එරෙහිවය.

ගතානුගතික වාමාංශික දේශපාලනයටත්, ත්‍රස්‌තවාදී පක්‍ෂ දේශපාලනයටත්, සූරාකෑමටත්, විරැකියාවටත්, තවත් සමාජ අසාධාරණ බොහොමයකටත් එරෙහිව විජේවීර 1971 කැරැල්ල සංවිධානය කරන්නේ අමිහිරි මතකයන් කිහිපයක්‌ සමඟ ය. ඉන් පළමුවැන්න වන්නේ 1947 පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරයේදී යු.එන්.පී. කාරයන් අතින් පහර කා සදාකාලික අබ්බගාතයකු බවට පත්වූ ඔහුගේ පියාවන දොන් අන්ද්‍රිස්‌ විජේවීර පිළිබඳ මතකය ය. අන්ද්‍රිස්‌ විජේවීර වූ කලී දකුණේ කොමියුනිස්‌ට්‌ කාරයකු වූ ප්‍රේමලාල් කුමරසිරිගේ ආධාරකරුවෙකි. 1947 ඡන්ද වයාපාරයට බට ප්‍රේමලාල් කුමාරසිරි කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයා විය. මැතිවරණ ප්‍රචාරක වයාපාරය ඉදිරියට යන් අතර දිනක විජේවීරගේ පියා අල්ලාගත් යූ.එන්.පී. දාමරික කණ්‌ඩායමක්‌ ඔහුට පහරදී සිහි නැතිකර ගෙළ සහ දෙකකුල් වලින් අල්ලා දෙපැත්තට ඇද්දාහ. එහිදී අන්ද්‍රිස්‌ විජේවීරගේ කොඳු ඇට පෙළ මැදින් කැඩී වෙන් විය. ඔහුගේ සුසුම්නාව බිඳුණු අතර අංශභාග රෝගියෙක්‌ බවට පත්ව සිහි මඳ ගතියෙන් පෙළෙන්නට විය. ඔහු මහත් දුක්‌ විඳ පසුව මිය ගියේය.

විජේවීරගේ ඊළඟ නපුරු මතකය වන්නේ සෝවියට්‌ සමූහාණ්‌ඩුව ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ය. විජේවීර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1960 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 17 කි. තමා උගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිට අ.පො.ස. සා.පෙ. විභාගයට පෙනී සිටිනු වෙනුවට කඹුරුපිටියේ කොමියුනිස්‌ට පක්‍ෂ අපේක්‍ෂකයා වූ ඒලියන් නානායක්‌කාරගේ දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයට එක්‌ වූ ඔහු නානායක්‌කාර සමඟ හිතවත් විය. එවර මැතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂය අපේක්‍ෂකයන් 43 දෙනකු ඉදිරිපත් කළේය. රටපුරා සංචාරය කරමින් එම අපේක්‍ෂකයන් හමුවූ නව යෞවන විජේවීර ඔවුන්ට උපකාර කළේය. (පසු කාලයේදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය බවට පත්වූ එම පක්‍ෂය අද වන විට කුඩා පක්‍ෂ පCස කාර්යාලයකටත් ජාතික ලැයිස්‌තු මන්ත්‍රී කෙනකුටත් සීමා වූ වසා දැමීමට ආසන්න කඩයකි) zසෝවියට්‌ දේශයZ සඟරාව හරහා එම සමුහාණ්‌ඩුව ගැන දැනගත් විජේවීර අ.පො.ස. උසස්‌ පෙළ සුදුසුකමද නැතිව, ඒලියන් නානායක්‌කාරගේ උදව්වෙන්, එම සමූහාණ්‌ඩුවේ පිහිටි පැටි්‍රස්‌ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා ශිෂ්‍යත්වයක්‌ අයදුම් කර එය දිනාගෙන 1960 සැප්තැම්බර 20 වැනිදා ඉන්දියාව හරහා සෝවියට්‌ සංගමයට ගියේය. පැටි්‍රස්‌ ලුමුම්බා විශ්වවිද්‍යාලයේදී මාස 7 ක්‌ තුළ රුසියන් බස උගෙන විශිෂ්ට සම්මාන සහිතව සමත්වූ ඔහු එතෙක්‌ එම සරසවියට පැමිණි ලාබාලම ශිෂ්‍යයාද විය. මෙහිදී ඔහු වෛද්‍ය විද්‍යාව හැදැරීම හැර සෙසු සියලු කටයුතු කළ බව කියනු ලැබේ. ඔහු ගැන මහත්සේ පැහැදුණු සෝවියට්‌ ගුරුවරු දිනක්‌ ලෙනින්ගේ පොත්වල සියලු අත්පිටපත් සහ මුල් ලේඛන ගැන ඔහුට පෙන්වා ඒවායේ මුද්‍රිත පිටපත් කියෑවීමට ඔහු උනන්දු කළහ. ලෙනින්ගේ අත් පිටපත් සියෑසින් දුටු එකම ශ්‍රී ලාංකිකයා විජේවීර ය. එමෙන්ම ඔහු ලෙනින්ගේ සමාජවාදය උගත්තේ රුසියන් බසිනි. 1962 දී කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර ක්‍රමයෙන් පරිහානිගත වෙමින් තිබූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය දැක එය විවේචනය කරන්නට විය. අනතුරුව නැවත සෝවියට්‌ දේශය බලා ගිය ඔහු වෛද්‍ය විදයාවට සමාන්තරව දේශපාලන ආර්ථික විද්‍යාව හදාරා සම්මාන සාමාර්ථයක්‌ ලැබීය. 1963 දී මොස්‌කව් නගරයේදී ඔහු අසනීප විය. හිසේ රුදාව සහ නින්ද නොයැම නිසා ආතතිය ඇතිවී ඔහු මොස්‌කව් රෝහලකට ඇතුළු විය. ඔහුට නිවාඩු ප්‍රදානය කළ සෝවියට්‌ ආණ්‌ඩුව ඔහුගේ ගුවන් ටිකට්‌පතට මුදල් බැඳ ඔහු ලංකාවට එවීය. මේ කාලය වූ කලී චීනය සහ සෝවියට්‌ සංගමය අතර බලවත් දේශපාලන නොමනාප තිබූ කාලයකි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයද චීන පිල සහ මොස්‌කව් (සෝවියට්‌ පිල) ලෙස දෙකඩ විය. විජේවීර චීන පිලට උදව් කළ අතර එසේ නොකරන ලෙස දොස්‌තර වික්‍රමසිංහ සහ පීටර් කෙනමන් විජේවීරට අවවාද කළහ. ඒ අතර සුවපත් වූ විජේවීර අධ්‍යාපනයේ ඉතිරි හරිය සඳහා සෝවියට්‌ දේශයට යනු පිණිස වීසා ලබා ගනුවස්‌ කොළඹ පිහිටි මොස්‌කව් තානාපති කාර්යාලයට ගියේය. විජේවීර චීනයට හිතවත් බවට ඒ වනවිටත් සෝවියට්‌ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට පෙත්සම් කිහිපයක්‌ ගොස්‌ තිබූ නිසා ඔහුට වීසා නොලැබිණ. ඔහු ලංකාවේ නතර වී ලංකා කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ චීන පිලේ සාමාජිකත්වය ලබා ගත්තේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.