විජාතික බලවේග එකතුවන්නේ කුමක්‌ සඳහා ද?

ආණ්‌ඩු විරෝධී පක්‍ෂ එකතු වී පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක රැස්‌වීමට එන නායකයන් ඉදිරියේ උද්ඝෝෂණ කිරීමේ උත්සාහයක්‌ ඇත. මේ විරෝධත්වය පොදු රාජ්‍ය මණ්‌ඩලයට එරෙහිව නොවේ. චාල්ස්‌ වින්ඩ්සර්ට හෙවත් චාල්ස්‌ කුමරු නමින් හැඳින්වෙන තැනැත්තාට විරුද්ධව ද නොවේ. ඒ සම්මේලනයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට එරෙහිව ද නොවේ. විරුද්ධත්වය මෙරට ආණ්‌ඩුවට විරුද්ධවය. ජනාධිපතිතුමාට විරුද්ධවය. එහිදී ඊනියා විරුද්ධ පක්‍ෂ සමගියේ පක්‍ෂ විවිධ අදහස්‌ දක්‌වනු පෙනෙයි. ඒ අතර සම්මේලනය සඳහා වියදම් කරන මුදල් සම්භාරය, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිවීම, නීතිය ක්‍රියාත්මක නොවීම ආදිය වෙයි. එහෙත් ඊනියා පොදු විපක්‌ෂය පොදු රාජ්‍ය මණ්‌ඩලීය නායකත්ව රැස්‌වීම ලංකාවේ පැවැත්වීමට විරුද්ධ බවක්‌ නොකියයි. අඩු තරමින් ඔවුහු ඒ බව සෘජුව නොකියති. ඔවුන්ට අවශ්‍ය විදේශීය නායකයන් ඉදිරියේ ජනාධිපතිතුමාට හා රටට විරුද්ධව ගතු කීම ය. එමගින් බටහිරයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම ය.

අද රටේ පවතින තත්ත්වයට මෙරට සියලු දේශපාලන පක්‌ෂ වගකිව යුතුය. රටේ අපරාධ වැඩි වී ඇත්නම් එයට මූලික හේතුව අපට අපේම වූ සමාජ ක්‍රමයක්‌ බිහිකර ගැනීමට නොහැකි වීම ය. අප මුල සිටම යොමු වී ඇත්තේ බෞද්ධ කෑලි එල්ලා ගැනීමට මිස බෞද්ධ සමාජයක්‌ ඇතිකර ගැනීමට නොවේ. බෞද්ධ කෑල්ලක්‌ එල්ලා ගැනීමට කරන ලද ව්‍යාජ උත්සාහයක්‌ ලෙස ඡේ. ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජය පෙන්වා දිය හැකිය. එහි ප්‍රතිඵලය වූයේ විවෘත ආර්ථිකයක්‌ හා එයටත් වඩා විවෘත සංස්‌කෘතියක්‌ ඇති කර රට අධර්මිෂ්ඨත්වයට තල්ලු කිරීමය. කිසිම නීතියකට යටත් නොවී කැසිනෝ පැවැත්වීමට නීත්‍යානුකූල

නොවන ආකාරයකින් අවසර දුන්නේ එ. ජා. පක්‌ෂය ය. අධිකරණයට එළිපිටම ගල් ගෑසුවේ එ. ජා. පක්‌ෂය ය. බොරු චෝදනා මත න.ස.ස.ප. හා ජ.වි.පෙ. තහනම් කරනු ලැබුයේ එ. ජා. ප. ආණ්‌ඩුවක්‌ විසිනි. මේ ලැයිස්‌තුවේ කෙළවරක්‌ නැත. එහෙත් ඒ එකකින්වත් කියන්නේ මේ ආණ්‌ඩුවට ඒවා දිගටම ක්‍රියාත්මක කිරීමට අවසරයක්‌ ලැබෙන බව නොවේ. එ. ජා. පක්‌ෂයට ඒ කිසිවකට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට සදාචාරාත්මක අයිතියක්‌ නැති බව පමණක්‌ එයින් කියෑවෙයි. එහෙත් මෙරට දේශපාලන පක්‌ෂවලට සදාචාරය ගැන කතාකිරීම වැඩකට ඇති දෙයක්‌ නොවන බවද දනිමු.

මංගල උත්සව පැවැත්වෙන ඇතැම් අවස්‌ථාවල මනාලයාගේ හෝ මනාලියගේ හෝ ඥාතීන් අනෙක්‌ පාර්ශ්වයට හා අමුත්තන්ට දැනෙන පරිදි තම පාර්ශ්වයේ පවුලේ වැරදි හඬනගා කියන බව අපි දනිමු. අද විරුද්ධ පක්‌ෂය ද හැසිරෙන්නේ ඒ ඥාතීන් ක්‍රියාකරන ආකාරයටය. දැන් පඬියකු අසනු ඇත්තේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක රැස්‌වීම මංගල්‍යයක්‌ ද කියා ය. පොදු රාජ්‍ය මණ්‌ඩලය ගැන මගේ කිසිම පැහැදීමක්‌ නැත. එය ඉංග්‍රීසි අධිරාජ්‍ය දිගටම පවත්වාගෙන යැමට කරන අසාර්ථක උත්සාහයක්‌ පමණකි. එයින් ඉවත් වීමෙන් ශිෂ්‍යත්වයක්‌ දෙකක්‌ අහිමිවීම හැර අපට සිදුවන දෙයක්‌ නැත. එංගලන්තය ආදී රටවල් අපට ශිෂ්‍යත්ව ආදිය දෙන්නේ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යයට යටවන පිරිසක්‌ බිහිකර ගැනීමට මිස අපට ඇති ඇල්මක්‌ නිසා නොවේ. සමස්‌ත අධ්‍යාපනය යොමු වී ඇත්තේ එවැනි අනුකාරකයන් බිහිකිරීම සඳහා බැවින් ශිෂ්‍යත්වයක්‌ නැතිවීමෙන් විශාල වෙනසක්‌ ද සිදු නොවේ. අපට කෙසේ වුවත් ආණ්‌ඩුවට මෙන් ම විපක්‍ෂයට ද මෙය මංගල අවස්‌ථාවකි. විපක්‍ෂය උත්සාහ ගන්නේ මංගල්‍යය කඩාකප්පල් කිරීමට, ආණ්‌ඩුවට නින්දා කිරීමට හා හැකිනම් ආණ්‌ඩුව පළවා හැරීමට මේ අවස්‌ථාවක්‌ කර ගැනීමටය. එහි දී විපක්‌ෂය එකතුවන්නේ කා සමග ද යන්න මෙහිදී පැන නගින ප්‍රධාන ප්‍රශ්නය වෙයි.

පොදු රාජ්‍ය මණ්‌ඩලීය නායක රැස්‌වීම ලංකාවේ දී පැවැත්වීමට පසුගිය අවුරුදු දෙක තුළ ප්‍රධාන වශයෙන්ම විරුද්ධ වූයේ එංගලන්තය හා කැනඩාවය. එයට ඇත්තේ එකම එක හේතුවක්‌ පමණකි. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසවත්, අධිකරණ ස්‌වාධීනත්වයවත් වෙනත් කිසිවක්‌ නොව එංගලන්තය ප්‍රධාන බටහිර රටවල කැමැත්තට පටහැනිව කොටි පරාජය කිරීමය. කොටි පරාජය නොකරන්නට නායක රැස්‌වීම ලංකාවේ පැවැත්වීම ගැන කිසිවකු විරුද්ධ නොවනු ඇත. එංගලන්තය 1817 - 18 දී 1848 දී ලංකාවේ නොව ඉතා මැතක ඇමරිකාව සමග එකතු වී ඉරාකයේ සිවිල් වැසියන්ට බෝම්බ දැමීමේ දී අනුගමනය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්‌, රැක ඇති මානව අයිතියක්‌ නැත. අද එංගලන්තය ඇතුළු බටහිර රටවලට අවශ්‍යය මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනාවලට වරදකරුවන් කර දංගෙඩියට යෑවීමටය. එංගලන්තය හා කැනඩාව තමන් පොදු රාජ්‍ය මණ්‌ඩලයට ලබාදෙන ප්‍රතිපාදන නවතා දමන බව කියා ඇත. මහින්ද රාජපක්‌ෂ මහතා කළ යුත්තේ චීනයෙන් පොළියට මුදල් ගෙන පොදු රාජ්‍ය මණ්‌ඩලය පවත්වාගෙන ගොස්‌ බටහිර රටවලට ඒ ණය ආපසු ගෙවීමට සැලැස්‌වීමය. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියෙන් ඉවත් කර ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඒ මහතාට විරුද්ධව නඩු පැවරීම බටහිර රටවල අරමුණය. රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පොදු විපක්‍ෂය බැරි වුවත් දඟලන්නේ රාජපක්‍ෂ මහතා පදවියෙන් ඉවත් කිරීටය. එහෙත් එය කළ හැකි පුද්ගලයකු පොදු විපක්‍ෂයේ නැත. පොදු විපක්‍ෂයේ නායකයා රනිල් මිස වික්‍රමබාහු නොවේ. වික්‍රමබාහුට මයික්‍රොෙµdaනයක්‌ වූවද ලැබෙන්නේ ඔහු රනිල් පසුපස යන බැවිනි. අනෙක්‌ අතට ජාතික ඇඳුම ඇඳි පමණින් කරු ජයසූරියට ජාතික නායකයකු විය නොහැකිය. වැඩිකල් යැමට පෙර ඔහු මොකක්‌දොaa මණ්‌ඩලයේ සභාපතිකමින් විසිවනු ඇත්තේ මණ්‌ඩලයද සමගිනි. ඔහුගේ ද, සජිත්ගේද, රනිල්ගේද දේශපාලන ජීවිත අවසන්ය. මාමාගෙන් බෑණාට නායක පදවිය ලැබෙන එජාපයේ මීළඟ නායකයා මොකක්‌දොa මණ්‌ඩලයට පත් වී ඇත.

මේ පොදු විපක්‍ෂය හා එංගලන්තය, කැනඩාව ආදී රටවල් වලට ඇත්තේ කොටි පැරදවිම ඉවසා දරාගත නොහැකි වීමය. නෝර්වේ ආදී රටවල් ඔස්‌සේ ද රාජ්‍ය නොවන බැළයන් මගින් ද ඇතැම් ක්‍රිස්‌තියානි/කතෝලික පූජකවරුන් හරහා ද එංගලන්තය කොටින්ට ආධාර කළේය. පොදු විපක්‍ෂයේ පක්‍ෂද සටන් මෙහෙයුම්වලට විරුද්ධ වෙමින් ආණ්‌ඩුවට හා හමුදාවට නින්දාකරමින් කොටින්ට ආධාර කළේය. මේ සියල්ලන්ට ඇත්තේ කොටින් පරාද කිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීමය. කොටින් පරාද නොකළේ නම් රැකිය යුතු පොදු රාජ්‍ය මණ්‌ඩලීය ප්‍රඥ්පතියක්‌ නැත. ආණ්‌ඩුව බීබීසියේ චැනල් 4 ගුබ්බෑයමේ මැක්‌රේට ද වීසා ලබාදී ඇත්තේ ඉන්දියාව ඔහුට වීසා නොදෙන අවස්‌ථාවකය. එහෙත් එංගලන්තය මාධ්‍ය නිදහස නැතිවීම ගැන බයිලා කියන්නේ ලංකාවටය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.