උපරිම ප්‍රතිඵල සඳහා පසු විපරමක්‌ ඕනෑ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ උපරිම ප්‍රතිඵල රටට ලබා ගැනීමට නම් සමුළුව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමෙන් පමණක්‌ නොනැවතී තවත් ඉදිරි පියවරක්‌ තැබිය යුතුව ඇත.

මෙසේ කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසීය.

සමුළුවෙන් පසු රට ගැන, රටේ ආයෝජන අවස්‌ථා ගැන පැහැදීමක්‌ හා කැමැත්තක්‌ ඇති කර ගත් අය සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගනිමින් ඔවුන්ට ඇති ගැටලු නිරාකරණය කර දෙමින් අප අඛණ්‌ඩව කටයුතු කළ යුතුයි. සමුළුවේ නිසි ප්‍රතිඵල උදා කර ගත හැකි වන්නේ එසේ කිරීමෙන් බව ද, ඒ නිසා සමුළුවෙන් පසු එම ඉදිරි පියවරට ගමන් කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බව ද ඒ සඳහා රජයේ අදාළ පාර්ශ්වයන් කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කරයි.

සමුළුවෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක පමණ විදේශ ආයෝජන ප්‍රමාණයක්‌ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.