එජාප නායකත්ව මණ්‌ඩලයෙන් දින 100 ක වැඩපිළිවෙළක්‌

අකිත පෙරේරා

එක්‌සත් ජාතික පක්‍ෂය දිනන මාවතකට ගෙන ඒම සඳහා කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද නායකත්ව මණ්‌ඩලය විසින් එජාපයේ ජයග්‍රහණය උදෙසා දින 100 ක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම මණ්‌ඩලයේ සාමාජිකයන් ලබන 14 දා සිරිකොතදී එම මණ්‌ඩලයේ වැඩ භාරගත් දිනයේ පටන් එම වැඩසටහන ආරම්භ කරන අතර මණ්‌ඩලයෙන් ඉල්ලා අස්‌ වූ සජිත් ප්‍රේමදාස සහ තලතා අතුකෝරල යන නියෝජිතයන් වෙනුවට වෙනත් නියෝජිතයන් දෙදෙනකු ද තෝරා ගැනෙනු ඇත.

මේ වන විට පක්‍ෂය හැර ගොස්‌ සිටින පාක්‍ෂිකයන් නැවත පක්‍ෂය වෙත ගෙන ඒම, සිටින පාක්‍ෂිකයන් දිරි ගැන්වීම, විවිධ වෘත්තිකයන් හමුවී සාකච්ඡා කිරීම ඇතුළු තවත් කරුණු රැසක්‌ මේ යටතේ ඉටු කෙරෙන බව එජාප ජ්‍යෙෂ්ඨයකු 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවැසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය කිරීමට කටයුතු සැලසීම මෙම එක්‌සත් නායකත්ව මණ්‌ඩලයේ ප්‍රධානම කෙටි කාලීන අරමුණ වන අතර, පක්‍ෂය දිනවීමට දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.