විෂ ආලේප විකුණූ 1300 කට නඩු

නෝමන් පලිහවඩන

සිරුරට ඉතා අහිතකර විවිධ ආලේප වර්ග විකිණූ රූපලාවන්‍ය ශිල්පියෝ එක්‌දාස්‌ තුන්සීයකට පමණ ඊයේ වන විට නඩු පැවරූ බව පාරිභෝගික අධිකාරියේ සභාපති රූම් මර්ෂුක්‌ මහතා ප්‍රකාශ කළේය.

නුවරඑළිය, පානදුර, අනුරාධපුර, කොළඹ, ගම්පහ ඇතුළු පළාත් රැසක පවත්වාගෙන ගිය රූපලාවන්‍ය ආයතන වටලා මෙම ආලේප වර්ග මෙසේ අත්අඩංගුවට ගෙන එම රූපලාවන්‍ය ශිල්පිනියන්ට මෙසේ නඩු පවරා තිබේ.

මෙම ආලේප වර්ගවලින් වැඩි ප්‍රමාණයක්‌ කල් ඉකුත් වූ ඒවා බවද මර්ෂුක්‌ මහතා පැවසීය.

රට පුරාම පිහිටි රූපලාවන්‍ය ආයතන දිගින් දිගටම වටලන බවද මර්ෂුක්‌ මහතා පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.