පොදුරද මඬුළු ව්‍යාපාරික සමුළුව වෙනුවෙන්
සංචාරක ආයෝජන මාර්ගෝපදේශයක්‌


ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පොදු රාජ්‍ය මණ්‌ඩල ව්‍යාපාර සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් ඇතුළු දෙස්‌ විදෙස්‌ ආයෝජකයන්ට ඉදිරිපත් කිරීම සඳහා සංචාරක ආයෝජන මාර්ගෝපදේශයක්‌ (Sri Lanka Tourism Investment Guide) සම්පාදනය කර ඇත.

එය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්‌ථා පිළිබඳ දෙස්‌ විදෙස්‌ ආයෝජකයන් පුළුල් වශයෙන් දැනුවත් කෙරෙන අත්පොතක්‌ වන එය ශ්‍රී ලංකා සංචරණයේ සභාපති භාෂ්වර සේනාංක ගුණරත්න මහතාගේ උපදෙස්‌ හා මගපෙන්වීම ඇතුව සම්පාදිතය. එය පොදු රද මඬුළු ව්‍යාපාරික සමුළුව පැවැත්වෙන කාලය තුළ ශ්‍රී ලංකා සංචරණය තුළ ආයෝජකයන්ට එකම තැනකින් පහසුකම් සැලසීමට පිහිටුවනු ලබන මධ්‍යස්‌ථානය (one stop shpo) තුළ තැබීමට ද නියමිතය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.