කැසිනෝ විදේශිකයන්ට පමණයි
- ගාමිණී ලොකුගේ කියයි

කැසිනෝ සූදුව විදේශිකයන්ට පමණක්‌ සීමා කෙරෙන නව නීති ගෙන ඒම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඉදිරියේදී තීන්දුවක්‌ ගන්නා බව හෙතෙම කීය. විවෘත ආර්ථිකය යටතේ කැසිනෝ වැනි සූදු ක්‍රියාත්මක කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ විදේශීය සංචාරකයන් හා ආයෝජකයන්ගේ ධනය මෙරටට අද්දවා ගැනීම මිස මෙරට ජනතාවට හානියක්‌ කිරීමට නොවන බව ලොකුගේ මහතා පැවසීය. මාලදිවයින වැනි රටවල එහි පදිංචිකරුවන්ට මත්පැන් තහනම් කර තිබෙන අතර විදේශිකයන්ට පමණක්‌ මත්පැන් බීම තහනම් කර නැතැයි ද කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.