සා. පෙළට හැඳුනුම්පත් දීමට දෙපාර්තමේන්තුව දිගටම වැඩ

චමින්ද සිල්වා

මෙවර අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ ප්‍රමුඛතාව මත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයන්ගේ නිවාඩු ලබන 15 වැනිදා තෙක්‌ අවලංගු කර තිබේ. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් ලක්‍ෂ පහක්‌ පමණ පෙනී සිටින අතර මේ වනවිට ඉන් ලක්‍ෂ තුනක පමණ පිරිසකගේ හැඳුනුම්පත් මුද්‍රණය කර පාසල් වෙත යවා ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල් සරත් කුමාර මහතා ඊයේ (07 වැනිදා) 'දිවයින' ට පැවසීsය.

කල්වේලා ඇතිව සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා අයෑදුම්පත් එවන ලෙස විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තත් ඇතැම් විදුහල්පතිවරුන් එය නිසි ලෙස ඉටු කර නැති බව ද හෙතෙම කීය.

හැඳුනුම්පත් ලබාගැනීම සඳහා අයෑදුම්පත් යොමු කර මේ වනවිටත් හැඳුනුම්පත් නොලැබුණු සිසුන් සිටී නම් පාසලේ නම, ලිපිනය, සිසුවාගේ නම, අයදුම්පත් අංකය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා දෙපාර්තමේන්තුවේ 011-2593634 දරන µeක්‌ස්‌ අංකයට යොමු කරන ලෙස කොමසාරිස්‌ ජනරාල්වරයා ඉල්ලා සිටී.

හැඳුනුම්පත් ලබාගැනීමට මේ වනවිටත් අයදුම් කර නොමැති නම් ඉදිරි සති දෙක තුළ (නොවැම්බර් 12 සිට 26 දක්‌වා සෙනසුරාදා ඉරිදා හැර) සම්පූර්ණ කරන ලද අයෑදුම්පත රැගෙන දරුවාගේ මවට හෝ පියාට පැමිණ එක්‌දින සේවාව මගින් හැඳුනුම්පත් ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්‌ දියත්කරන බවද හෙතෙම කීය. (මේ සඳහා රුපියල් පන්සීයක මුදලක්‌ අය කෙරේ.)

දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අයදුම්පත් 3,000 ක්‌ පමණ අඩුපාඩු නිසා නැවත සකස්‌ කර එවන ලෙස දන්වා යවා ඇතත් ඒවා දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවද පවසන කොමසාරිස්‌වරයා එම අයදුම්පත් ද නිවැරැදි කර දෙපාර්තමේන්තුවට පැමිණ එක්‌දින සේවාවෙන් හැඳුනුම්පත් ලබා ගන්නා ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.