සෙල්ලම් කලාට දන්නවාද?
රවීන්ද්‍ර පුෂ්පකුමාර 5 න් 2 ක්‌ පාස්‌

රවීන්ද්‍ර පුෂ්පකුමාර යනු ශ්‍රී ලංකාවේ බිහිවූ වේගවත්ම පන්දු යවන්නෙකි. 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සාමාජිකයෙකි. වත්මන් පුහුණුකරුවෙකි. 'සෙල්ලම් කළාට දන්නවාද' හි යොමුවට පුෂ්පකුමාරගේ සාර්ථකත්වය 5-2 කි.

1. ඔබ ශ්‍රී ලංකාවේ කී වැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩකයාද - 63 වැනියා. - ර (නිවැරදි පිළිතුර - 61 වැනියා)

2. ශ්‍රී ලංකාවට ඔලිම්පික්‌ පදක්‌කම් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුද? - ඩන්කන් වයිට්‌ සහ සුසන්තිකා ජයසිංහ්

3. ටෙස්‌ට්‌ ඉනිමක කඩුලු 10 ම දවාගත් පන්දු යවන්නන් කවුද? - මුත්තයියා මුරලිදරන් -ර (නිවැරදි පිළිතුර එංගලන්තයේ ජිම් ලෙකර් සහ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ)

4. එක්‌දින තරගවලදී ඉනිමක ලකුණු දෙසීයක්‌ ලැබූ පිතිකරුවන් කවුද? - රෝහිත් ෂර්මා සහ විරේන්ද්‍ර ෂෙවාර්ග්ර (නිවැරදි පිළිතුර - සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාර්ග් සහ රෝහිත් ෂර්මා)

5. ටෙස්‌ට්‌ තරගයකදී වැඩිම පන්දු ගණනක්‌ වැය කරමින් ද්විත්ව ශතකයක්‌ ලබා ගත් ක්‍රීඩකයා කවුද? - බ්‍රෙන්ඩන් කුරුප්පු පන්දු 548 කදී නොදැවී 201 යි නවසීලන්තයට එරෙහිව.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.