කාත්තන්කුඩි හෝටල්වල සිගරට්‌ විකිණීම තහනම්

මඩකලපුව - ජවුµර්කාන්

කාත්තන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ හෝටල්වල සිගරට්‌ විකිණීම මුළුමනින්ම තහනම් කර ඇති බව කාත්තන්කුඩි නගර සභා සභාපති එස්‌. එච්. අස්‌වර් මහතා පැවැසීය.

මෙම තහනම නොවැම්බර් 10 වන දින සිට ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. අනාගතයේ කාත්තන්කුඩි නගර සභාවට අයත් බල ප්‍රදේශය සිගරට්‌ විකිණීම මුළුමනින්ම තහනම් කිරීමට කටයුතු කෙරේ. ඊට කලින් හෝටල්වල සිගරට්‌ විකිණීම තහනම් කර ඇති බව ඔහු පැවැසීය.

මෙම තීරණය කාත්තන්කුඩි නගර සභාව විසින් ගෙන ඇති බව නගර සභා සභාපති පැවැසීය.

තවද කාත්තන්කුඩි නගර සභා ප්‍රදේශයේ හෝටල්වල අත් පිසදා දැමීමට ගැනීමට සුදු කඩදාසි ප්‍රයෝජනයට ගතයුතු බවත් ඒ මහතා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.