බුදුරුව සහිත කැලැන්ඩර් අලෙවි කළාට දඩ

පානදුර - විජිතා ලියනගේ

බුදු දහමට නිගාවන අයුරින් බුදුරුව සහිත කැලැන්ඩර් පානදුර කුකුල් මස්‌ වෙළෙඳසලක තබාගෙන සිටීම සම්බන්ධ චෝදනාවකට වරද පිළිගත් වෙළෙන්දන් දෙදෙනකුට පානදුර අතිරේක මහෙස්‌ත්‍රාත් සඳුන් විතාන මහතා විසින් රුපියල් එක්‌දහස්‌ පන්සියය බැගින් දඩ නියම කෙරිණි.

එම දඩයට අමතරව එම සිද්ධිය පානදුර පොලිසිය වෙත පැමිණිලි කරන ලද බෞද්ධ භික්‍ෂූන් දෙනමගෙන් විවෘත අධිකරණයේදී සමාව ගතයුතු බවද නියම කෙරිණි. ඒ අනුව පානදුර පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මුස්‌ලිම් ජාතික චූදිතයන් දෙදෙනා භික්‍ෂූන් දෙනම ඉදිරියේ දන නමස්‌කාර කර වැඳ සමාව ගැණින.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.