පිළිකාව සෙවීමට
මී මැස්‌සන්ට පුරුදු කරන හැටි


වෛද්‍ය පර්යේෂකයන්ට පවා එකවරම සොයා ගැනීමට නොහැකි පිළිකා තත්ත්වයන් හෙළිකර ගත හැකි අලුත් මෙවලමක්‌ පෘතුගීසි ජාතික නිර්මාණ ශිල්පිනියක වන Susana Soares (සුසානා සුවාරිස්‌) විසින් නිෂ්පාදනය කර ඇත.

මෙය එකකට එකක්‌ ඈඳුණු, එකක්‌ තුළින් අනෙකට ගමන් කළ හැකි කුඩා විවරයක්‌ සහිත වීදුරු පෙට්‌ටි දෙකකි. පළමු වීදුරු පෙට්‌ටියට පුහුණු කළ මී මැස්‌සන් කිහිපදෙනකු දමා, පිළිකාව වැළඳී ඇතැයි සැක කෙරෙන කෙනකුගේ ප්‍රශ්වාසය එම වීදුරු පෙට්‌ටියට යෑවූ විට මීමැස්‌සන් විවරය තුළින් දෙවැනි වීදුරු පෙට්‌ටියට යන්නේ නම් එම තැනැත්තාට ස්‌ථිර වශයෙන්ම පිළිකාව තිබෙන බව ඇය කියයි.

මෙහිදී පුහුණු කළ මීමැස්‌සන් ලෙස හඳුන්වනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ප්‍රශ්වාසය වැදෙන්නට සැලැස්‌වූ මී මැස්‌සන් ය. මී මැස්‌සන් පුරුදු කිරීම සඳහා විනාඩි 10 ක කාලයක්‌ හොඳටම ප්‍රමාණවත් බව සුසානා සුවාරිස්‌ කියයි.

ලොව ඉතාම හොඳ ඉවක්‌ තිබෙන සතා සුනඛයා බව පිළිගෙන තිබෙන නමුදු නවතම විද්‍යාත්මක දත්ත වන්නේ හොඳම ඉව ඇත්තේ මී මැස්‌සාට බවය.

බිම් බෝම්බ හඳුනා ගැනීමට පවා මී මැස්‌සන්ට හැකියාව තිබෙන අතර ත්‍රස්‌ත මර්දන කටයුතු සඳහා මී මැස්‌සන් පුරුදු කරන ෂබිeජඑසබැක නමැති සමාගමක්‌ බ්‍රිතාන්‍යයේ තිබේ.

මී මැස්‌සකුට කිසියම් ද්‍රව්‍යයක ගන්ධය දැනීමට සලස්‌වා සීනි මිශ්‍ර කළ ජල ද්‍රdවණයක්‌ ආහාර වශයෙන් දුන් පසු ඉතිරි ජීවිත කාලය පුරාම එම ගන්ධය මතක තබාගැනීමට හැකියි.

ක්‍ෂය රෝගය, චර්ම පිළිකා සහ පෙනහලු පිළිකා හඳුනා ගැනීමේ දුර්ලභ හැකියාව මී මැස්‌සන් සතු බව පර්යේෂකයන් දැනටමත් පිළිගෙන තිබේ.

පිළිකාව නැසීමට ඉදිරියට එන කරවිල


සිංහලෙන් 'කරවිල' ලෙස ද ඉංගී්‍රසියෙන් 'Bittem Gourd' ලෙස ද මලයාල බසින් 'කරෙල' ලෙස ද හඳුන්වන කොළ පැහැති තිත්තම තිත්ත පලය බලගතු පිළිකා නාශකයක්‌ බව පසුගියදා සොයා ගන්නා ලදී. ගෙලෙහි සහ හිසෙහි හට ගන්නා පිළිකා තත්ත්වයන් නැති කිරීමට සුදුසුම ඖෂධය කරවිලය. ඇමරිකාවේ Saint Louis විශ්වවිද්‍යාලයේ සම මහාචාර්ය Ratna Ray විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඉන්දියාව සහ චීනය වැනි රටවල් ස්‌වකීය ශාක සාර ඖෂධ රැසකට කරවිල සාරය යොදා ගනු ලබන්නේ ය.

මහාචාර්ය රත්න රේ, හිසේ හට ගන්නා පිළිකා සහ පියයුරු පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා කරවිල යුෂ යොදාගෙන දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබේ. පටකයක අස්‌වාභාවික වර්ධනයක්‌ දැක්‌ වූ රෝගියකු කරවිල යුෂ යොදාගෙන කරන ලද ප්‍රතිකාර මාලාවකින් පසු එකී අස්‌වාභාවික වර්ධනය නමැති රෝග පාලන තත්ත්වයකට පත් වූ බව මහාචාර්ය රේ හෙළිකර ගෙන තිබේ. ඔහුගේ ඊළඟ අරමුණ වී ඇත්තේ කරවිල යුෂවලට පිළිකා නාශක ඖෂධ තවත් කිහිපයක්‌ මිශ්‍රකර සංයෝගයක්‌ තැනීමය.

ලෝකයේ පිළිකාවලින් 6% ක්‌ හිසේ සහ ගෙලෙහි හටගන්නා පිළිකා ය. මුඛය, නාසය, කෝඨර ගල නාලය සහ ස්‌වරාලය යනාදිය හිස සහ ගෙළ පිළිකා හටගන්නා ප්‍රදේශය ලෙස වර්ගීකරණය වී තිබේ.

(weekmanoramaonline.com)

රටකජු කන්න - පිළිකාව දුරලන්න

කොට්‌ටම් ඇට කන්න - හෘදයාබාධ දුරලන්න

වට්‌ටක්‌කා ඇට කන්න - දියවැඩියාව පිටුදකින්න


පිළිකා රෝගය වළක්‌වා ගැනීම සඳහා සුදුසුම ආහාරය වන්නේ රටකජු, කොට්‌ටම් ඇට, කජු, වියළි වට්‌ටක්‌කා ඇට පන්තියට අයත් ඇට වර්ග බව ඇමරිකාවේ Boston නගරයේ Dana farber පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය Charles Fuchs පවසන බව ඇමරිකාවේ New England Journal of Medicine සඟරාවේ පළ වී ඇත.

මේ මගින් පිළිකාවට අමතරව හෘදයාබාධය සහ දියවැඩියාව ද වළක්‌වා ගැනීමට හැකි බව එම සඟරාවේ තවදුරටත් සඳහන්ව තිබේ.

ඉහත සඳහන් ඇට වර්ග එකක්‌ හෝ කිහිපයක අහුරක්‌ දිනපතා ආහාරයට ගන්නා අය එසේ නොකරන අයට වඩා වසර 30 ක්‌ වැඩිපුර ජීවත්වන බව පර්යේෂකයන්ගේ මතයයි.

සංඛ්‍යාත්මක වශයෙන් ගතහොත් දිනපතා පෙර කී ඇට වර්ග අහුරක්‌ ආහාරයට ගන්නා කෙනකු පිළිකාව. හෘදයාබාධ, දියවැඩියාව යන රෝගවලින් මිය යැමට ඇති අවස්‌ථාව, එසේ නොකරන අයගේ අවස්‌ථාවෙන් පහෙන් එකකි. මෙම ඇට වර්ග මගින් හෘද රෝග 30% කින් අඩු වෙයි. පිළිකාවෙන් මියයැම 11% කින් අඩු කරයි.

මේ පර්යේෂණය සඳහා Boston පිළිකා පර්යේෂණ ආයතනය පුද්ගලයන් 120000 ක්‌ යොදවා ගෙන තිබිණි.

ඇට වර්ග (ධාන්‍ය නොවේ) අනුභව කරන අය ස්‌ථුල නොවන බව ද, දුම් පානයට ප්‍රිය නොකරන හෝ අඩුවෙන් ප්‍රිය කරන බව ද, ව්‍යායාම සඳහා වැඩි කැමැත්තක්‌ දක්‌වන බව ද විටමින් සහිත අතිරේක ආහාර පරිභෝජනය කිරීමට උනන්දු වන බවද, පලතුරු සහ එළවළු ආහාරයට ගැනීමට වඩාත් කැමැති බව ද Boston පිළිකා පර්යේෂණ වාර්තාවේ සඳහන් ය.

පිළිකාව ඇතුළු ලෙඩ රෝගවලට ආහාරවල බලපෑම සම්බන්ධයෙන් පුද්ගලයන් 120000 ක නියෑදියක්‌ යොදා ගත් මුල් වතාව මෙය විය හැකි බව වාර්තා වේ.

අනුර සොලමන්ස්‌
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.