හිමට එරෙහි ලොව පළමු දුම්රිය

මෙම වර්ෂයේ අවසානයේදී සිට ධාවනයේ යෙදවීමට බලාපොරොත්තුවන පැයට සැතපුම් 220 ක වේගයෙන් සෙන්ටිග්‍රේට්‌ 40 උෂ්ණත්වය යටතේ ධාවනය වන හිම කාලයට ඔරොත්තු දෙන දුම්රියක්‌ අත්හදා බැලීමේ ධාවනයේ යෙදීමට චීනය කටයුතු යොදා ඇත.

මුළු ලෝකයේම හිම මිදෙන සමයේ මෙතරම් වේගයකින් ධාවනය කළ හැකි එකම දුම්රිය වශයෙන් විශ්වාස කරන ලබන මෙම දුම්රිය ධාවනය වන්නේ චීනයේ ගිනිකොණ වෙරළ අසල පිහිටි ඩෙලියාන් නගරයේ සිට ශීත සෘතුවේ වැඩිම කාලයක්‌ හිමෙන් වැසී පවතින හාබින් නගරය දක්‌වා වූ නව මාර්ගය ඔස්‌සේය.

මෙම හිම දුම්රිය ධාවනයේ යෙදීමත් සමඟම සැතපුම් 570 ක්‌ දුර ඇති මෙම මාර්ගයේ සාමාන්‍ය දුම්රියක්‌ ධාවනය කිරීමට ගතවන පැය නවයක කාලය පැය තුනහමාර දක්‌වා අඩුවනු ඇත.

මෙම දුම්රිය මාර්ගය තැනීමද අභියෝගයක්‌වූ අතර ශීත සමයේ සෙන්ටිග්‍රේඩ් 40 උෂ්ණත්වය යටතේ මෙන්ම ග්‍රීස්‌ම සෘතුවේදීද සෙන්ටිග්‍රේට්‌ 40 උෂ්ණත්වය යටතේද මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි බව බලධාරීහු පැවැසූහ.

"චයිනා ඩේලි" නම්වූ පුවත්පතට මේ පිළිබඳව ප්‍රකාශයක්‌ කළ චීන දුම්රිය අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ෂාන් කයිස්‌ ජර්මනියේ සහ ජපානයේ ශීත සෘතුව පවතින ප්‍රදේශවල දුම්රිය මාර්ග තැනීම පිළිබඳව තමන්ම හිම වැටුණු ප්‍රදේශවල ජලය සහ විදුලි බලය සපයන ව්‍යාපෘති ගැන පර්යේෂණ පැවැත්වූ බව ද පැවසීය.

දුම්රියේ විදුලි බලය හා සංඥා පද්ධතිය අක්‍රීය කිරීමට අයිස්‌ (මිදි දිය) වලට හැකියාව ඇති නමුත් එසේ නොවීමට සෑම ආරක්‌ෂිත පියවරක්‌ම ගෙන ඇති බව ද ඔහු පැවැසීය.

අධිවේගී දුම්රිය දෙකක්‌ 2011 ජුලි මාසයේදී එකටෙක ගැටුණු බව ද එයට හේතු වූයේ පළමු දුම්රියේ විදුලි බලය අක්‍රීය වීම බව ද එම අනතුරෙන් 40 දෙනකු මියගිය අතර 200 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වී ඇත.

එම අනතුරත් සමඟම අධිවේගි දුම්රිය ව්‍යාපෘති යම් ප්‍රමාණයකට පවත්වා ගෙන යැමට චීන රජය තීරණය කළ අතර ආර්ථිකය දියුණු කිරීමේ අවශ්‍යතාව උද්ගතවීමත් සමඟම වර්ෂය මැද භාගයේ සිට අධිවේගී දුම්රිය ව්‍යාපෘති තවත් වැඩිකර ඇත.

චීනයේ ගිනිකොණ පැත්තේ පිහිටි ප්‍රදේශය කර්මාන්ත විශාල ප්‍රමාණයක්‌ පිහිටා ඇති ප්‍රදේශයක්‌ වන අතර හාර්බින් නගරයේ පැවැත්වෙන ශීත සෘතුවේ උත්සවය ඇතුළු හාර්බින් නගරයේ සංචාරක කර්මාන්තය සඳහාද මෙම දුම්රිය අතිශයින් ප්‍රයෝජනවත් වේ.

(11.10.2012 දි අයිලන්ඩ් පළවූ වර්ලඩ් වීව් පුවතක්‌ ඇසුරෙනි.)

එස්‌. කේ. ඡේ. කුරේරා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.