50 වසරකට පසු අබිරහස හෙළිවේ
ජෝන් කෙනඩි මැරුවේ
සී.අයි.ඒ. ඒජන්ත ඩේවිඩ් පෙරි

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මැරිවේ ලීS හාවි ඔස්‌වල්ඩ්ද නැත්නම් වෙනත් ඝාතකයෙක්‌ ද? කෙනඩි ඝාතනය සිදු වී පසුගිය 22 දාට වසර 50 ක්‌ ගත වේ.

එහෙත් නියම මිනීමරුවා කවුදැයි දැන් හෙළි වී ඇත. ඒ ඩේවිඩ් පෙරි නමැති සී. අයි. ඒ. ඒජන්තවරයෙකි. මොහු ඇමරිකානු මාපියා කල්ලිය සමඟද කටයුතු කර ඇත.

එහෙත් හෝටල් කාමරයකදී පෙරි සියදිවි නසා ගත් බව වාර්තා වේ.

කෙනඩි ඝාතනය ගැන පැවැති විමර්ශනය හමුවේ සාක්‌කි දීමට නියමිතව තිබියදී ඔහු සිය දිවි නසා ගෙන තිබේ. ඩේවිඩ් පෙරි සියදිවි නසා ගත්තාද නැත්නම් ඔහුට දිවි නසා ගැනීමට බල කළාද යන්න හෙළි වී නැත. එහෙත් මේ රහස හෙළිවීම ක්‍රිස්‌ එල්ම්ලි නමැති ඇමරිකානු අධ්‍යක්‍ෂවරයා රහස හෙළිකරලීම සඳහා චිත්‍රපටයක්‌ නිර්මාණය කළේය. ඊට මුදල් වැය කළේ චැනල් ෆෝ සමාගමයි.

එසේ වුවත් ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය මැදිහත් වී ක්‍රිස්‌ එල්ම්ලි නිදහස්‌ කිරීමට ක්‍රියා කළේය.

එසේම ඔහු නිර්මාණ කළ චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම සඳහා අධිකරණයෙන් අතුරු තහනමක්‌ ද ගත්තේය. ජෝන් කෙනඩි මැරීමට සී. අයි. ඒ. සංවිධානය ක්‍රියා කළේ කෙනඩි සී. අයි. ඒ ප්‍රධානි රිචඩ් හෙල්මන්ව ධුරයෙන් පහ කිරීම නිසාය. මෙවැන්නක්‌ ඊට පෙර සිදු වී නැත. කෙනඩිට වෙඩි තබන අයුරු බොහෝ දෙනෙක්‌ දැක ඇතත් වොරන් විමර්ශන කමිටුව එකී සාක්‍ෂි විමර්ශනය කර නැතැයි හෙළි වේ.

ක්‍රිස්‌ එල්ම්ලි නමැති අධ්‍යක්‍ෂවරයා පවසන්නේ කෙනඩිට වෙඩි තැබූ ඩේවිඩ් පෙරි වෙඩි තබන අයුරු දක්‌වන ඡායාරූප තමා සතු බවයි.

වසර 50 ක අබිරහස හෙළිකරන ඡේ. එච්. කේ. චිත්‍රපටය සඳහා ස්‌ටර්ලින් පවුම් 200,000 ක්‌ වැය කළේ චැනල් ෆෝ සමාගමයි. එහෙත් සී. අයි. ඒ. සංවිධානය එකී චිත්‍රපටය විකාශනය කිරීමට ඉඩ දුන්නේ නැත. ඔවුන් මාව නිදහස්‌ කිරීමට උත්සාහ කළා යෑයි අධ්‍යක්‍ෂ ක්‍රිස්‌ එල්ම්ලි කියා සිටියේය.

කෙනඩි ඝාතනයට අදාළ චිත්‍රපටයක්‌ නිපදවූ ඔලිවර් යංමෝන් ද පැවසුවේ කෙනඩිට වෙඩි තැබුවේ ලී හාවි ඔස්‌වල්ඩ් නොවන බවයි.

සී. අයි. ඒ. සංවිධානයට ධවල මන්දිරයේ පාලනය යුද්ධ ඇති කරන්නකු අතට දීමට අවශ්‍ය වුණා. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් පසුබිමේ සිටියේ කාලයිල් සමාගමයි. මොවුන් ආයුධ වෙළ¹මට සම්බන්ධ යෑයි ක්‍රිස්‌ එල්ම්ලි හෙළි කළේය.

එල්ම්ලි දක්‌වන අන්දමට කෙනඩිට වෙඩි තබා ඇත්තේ පසුපසිනි. එසේ නම් මහල් ගොඩනැඟිල්ලක සිටි ඔස්‌වල්ඩ්ට හිසේ පසුපසට වෙඩි තැබිය හැකිද යන ප්‍රශ්නය පැන නැගී ඇත. සියදිවි නසා ගත් ඩේවිඩ් පෙරි ගැන ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය සියලු තොරතුරු වසන් කර තිබේ.

එහෙත් සී. අයි. ඒ. සංවිධානය කෙනඩි ඝාතනය මුළුමනින්ම වසා දමා ඇත.

ඒ ඇමරිකාවේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

 කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.