19 වැනි ශත වර්ෂයේ
අපූරු දඩයම් උගුලක්‌


අද දවසේ ගෙදර දොර මීයන් හසු කර ගැනීමට යොදන මී කතුරට සමාන වූ දඩයම් උගුලක්‌ ඊශ්‍රායලයේ නෙග්වි කාන්තාර ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම උපාංගය 19 වන ශත වර්ෂයේ ඊශ්‍රායලයේ නෙග්වි කාන්තාර ප්‍රදේශයේ ජීවත්වුණ Bedouins වැසියන් විසින් භාවිතා කරන්නට ඇතැයි අනුමාන කරනවා. ඊශ්‍රායලයේ භූ විද්‍යාත්මක කැණීම් පිළිබඳව පර්යේෂකයන් පිරිසක්‌ විසින් පෙන්වා දෙන්නේ පුරාණ කාලයේ එළු, බැටළු රංචු රැක බලාගත් පිරිස්‌ විසින් තමන්ගේ සත්වයන් ආරක්‌ෂාකර ගැනීමට මෙම උගුල් යොදා ගන්නට ඇති බවයි . ඒ වගේම මැද පෙරදිග ප්‍රදේශයන්හි විසූ හයිනාවන් වෘකයින් සහ කන් දිග බළලුන් අල්ලා ගැනීමටත් මෙම උගුල් යොදා ගන්නට ඇතැයි අනුමාන කරනවා. මේ අතර පුරාවිද්‍යාඥයන්ට හමුවුන මෙම උගුලට හසු කර ගැනීමට යොදා ගත් අතර, මෙම තාක්‌ෂණය අවුරුදු පන්දහසක්‌ පමණ ඉතිහාසයකට උරුමකම් කියනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා. මෙය නිර්මාණය කිරීමේදී නම් ඒ තරම් විශේෂඥ දැනුමක්‌ යොදා ගෙන නැහැ. බොහෝ සෙයින් සරල තාක්‌ෂණයක්‌ මේ උගුල නිර්මාණය වෙනුවෙන් යොදා ගෙන තිබුණා.

නෙජිව් යන වචනය හේබෘ භාෂාවෙන් බිඳී ආ අතර එයින් අදහස්‌ වෙන්නේ වියළි බව යන අදහසයි. මෙම ප්‍රදේශයට ඊශ්‍රයලයෙන් විශාල භූමි භාගයක්‌ අයත් වෙන අතර එය වර්ග කිලෝ මීටර් 1300 ක්‌ පමණ වෙනවා. මෙම කාන්තාර කලාපයෙහි පිහිටි දූවිලි කඳු වැස්‌සෙන් ඛාදනය වී පොළවේ ගැඹුරු කුහර සාදනු ලබනවා. අවුරුදු හත්දහසකට පමණ පෙරාතුව මෙම ප්‍රදේශයේ ස්‌ථිර වාසස්‌ථාන නොමැති උදවිය පදිංචි වුවද මෙම ප්‍රදේශය ජනාවාස වීම ආරම්භ වුණේ ක්‍රිස්‌තු පූර්ව 2000 දී පමණ කාලයේදී බව පිළිගැනෙන අතර, උත්පත්ති කතාව පිළිබඳ ග්‍රන්ථයට අනුව ඒබ්‍රහම් ඊජිප්තුවෙන් පන්නා දැමූ පසු නෙජිව් ප්‍රදේශයට නුදුරු කදිෂ් ප්‍රදේශයෙහි ජීවත්ව ඇත. 2010 වන විට ඊශ්‍රායල් ජනගහනයෙන් 8% ක්‌ නෙජිව් ප්‍රදේශයෙහි ජීවත් වේ.

ඊශ්‍රායලයේ භු විද්‍යාත්මක සමීක්‌ෂණයේ යෙදෙන භුවිද්‍යාඥ නඕමි පෝට්‌රට්‌ සඳහන් කරන්නේ කිසිදු ලෙසකින් නොසිතූ ලෙස හමුවුණ මෙම මාංශ භක්‌ෂක සතුන් වෙනුවෙන් වූ උගුල ඉතා පුරාණ යුගයක ආකෘතියකට අයත් බවයි. නෙජිව් ප්‍රදේශයේ සිම් වලදී ගොඩ වුන ගල් කුළු ප්‍රදේශයක්‌ දැක ගන්නට ලැබුණ අතර ඒ අවස්‌ථවේදී මෙම උගුල පිළිබඳව පුරාවිද්‍යාඥයන්ගේ අදහස යොමු වුණා.

මෙම උගුල අවසානයේ තිබූ ලණුqවට මස්‌ කැබැල්ලක්‌ සවි කර තිබුණා. කොටියා මෙම ගල් කූඩු වෙතට මස්‌ කැබැල්ල වෙනුවෙන් සමීප වෙත්ම එහි දොර වැහෙනවා. එවිට දරුණු මාංශ භක්‌ෂක සතුන් මෙම පෙට්‌ටිය වැනි උපාංගයේ ඇතුලතට කොටු කර පුලුවන්. මෙම උගුලේ එක්‌ පැත්තක්‌ සෙමෙන් ඇරෙන විට ඒ අවට මෙම උගුලේ පියනක්‌ ලෙසින් වූ ගල් කුට්‌ටියක උස සෙන්ටි මීටර් 60 ක්‌ පමණ වුණා. පුරා විද්‍යාඥයන් විසින් මෙහි කිරණ අවශෝෂණ වාර්තාවන් මගින් පෙන්වා දුන්නේ මේවායේ වයස වසර 5000 සට 1600 ක්‌ අතර විය හැකි බවයි. මෙම තාක්‌ෂණය යොදා ගෙන සතුන් අල්ලා ගත් අන්දම පැරණි අද්භූත කතාවන්හි සඳහන් බවත් මෙම කටයුත්තේදී එම පුරාණ තාක්‌ෂණය යොදා ගන්නට ඇති බවත් පුරා විද්‍යාඥයන්ගේ අදහසයි. පුරා විද්‍යාඥයන්ගේ වාර්තාව සහ හඳුනාගැනීම් වjournal Antiquity මගින් දැනටමත් ප්‍රකාශයට පත් කළා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.