"ඒ මාහැඟි දවස"
අමතක කළ ජනපති කෙනඩි


ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට වසර 50 යි. ඒත් තවමත් විවිධ "අලුත්" කතා කෙනඩි සම්බන්ධයෙන් අහන්න ලැබෙනවා. කෙනඩි කඩවසම් ජනාධිපතිවරයෙකි. ඔහුගේ ආර්යාව වී සිටියේ ජැකෝලයින් කෙනඩි". එහෙමත් නැත්නම් "ජැකී කෙනඩි" ඇය සුරූපිනියක්‌. එක්‌ යුගයක "ඩයනා ස්‌පෙන්සර්" තරම්ම ජැකීත් ජනප්‍රිය චරිතයකි. ඒත් අවාසනාවකට මෙන් කෙනඩිගේ ජීවිතයෙත් පුංචි පුංචි ප්‍රශ්න තිබුණා. ජෝන් කෙනඩිට පෙම්වතියන් කිහිප දෙනෙකුම හිටියා. ඒ අය අතර "මැරිලින් මොන්රෝ" ප්‍රකට චරිතයකි. මැරිලින් ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. ජනප්‍රිය සිනමා තරුවකි. ඇය හදිසියේ මිය ගියේ සිය දිවි හානි කර ගැනීමක්‌ නිසා බවයි කියන්නේ. ඒකට කෙනඩි ජනාධිපතිවරයා හේතුවුණු බවත් කියනවා.

ඒ හින්දම කෙනඩි ඝාතනයෙන් පස්‌සේත් ඒ ගැනත් කතා බහ මතු වුණා. විශේෂයෙන් "ජැකී කෙනඩි" ගැන ලියෑවී තිබෙන ඔයෑse ජෙඅ චරුජසදමි saහි " මේ මාහැඟි දවස්‌ කිහිපය" නම් කෘතියේ සඳහන් වන ආකාරයට මැරිලින් හා කෙනඩි පෙම් පලහිලව්ව, ජැකීට රහසක්‌ව තිබී නැහැ.

මෙම සබඳතාව පැවැති කාලයේ එක්‌ දිනක්‌ ධවල මන්දිරයටම දුරකථන ඇමතුමක්‌ ගත් "මැරිලින් මොන්රෝ" කෙනඩි ජනපතිවරයා හා තමා අතර ඇති සබඳතාව ගැන ජැකීට හෙළිදරවු කර ඇත. ඒ මොහොතේ ජැකී කෙනඩි මැරිලින්ට දී ඇත්තේද අපූරු පිළිතුරකි.

"ඉතා හොඳයි මම මෙහෙන් යන්නම්...... ඔබ ඇවිත් මේ සේරම කරදර බාර ගන්න."

කෘතිය රචනා කරන ලද ක්‍රිස්‌ටෝපර් ඇන්ඩර්සන් කියන්නේ එතැන් පටන් ජැකී මේ ගැන බෙහෙවින් කනස්‌සලුව සිටි නමුත් ජෝන් කෙනෙඩි ඉදිරියේ ඒ බවක්‌ නොපෙන්වූ බවය.

මැරිලින්ට ඉහත ආකාරයේ තද රළු පිළිතුරක්‌ දුන්නද ජැකී කෙනඩි නිරන්තර බියකින් පසුව ඇත්තේ මර්ලින් තමාගේ තැන හිමිකර ගනීවිද යන්න ගැනය. 1962 මැරිලින් සිය දිවි හානි කරගත් අතර 1963 වර්ෂයේදී කෙනඩි ඝාතනයට ලක්‌ විය.

ඉන් වසර පහක්‌ ගතවී ගිය තැන ජැකී කෙනඩි, ග්‍රීක කෝටිපතියකු වූ ඇරිස්‌ටෝටල් ඕනෑසීස්‌ සමඟ විවාහ වූ අතර 1975 වර්ෂයේදී ඕනෑසීස්‌ද මිය ගියේය. 1994 වර්ෂයේදී ජැකී ද මෙළොව හැර ගියාය.

ඔවුන් දෙදෙනාගේ විවාහය බිඳුනේ නැත.

ගනීෂා අමාලි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.