සෙලාන් බැංකුව රුපියල් බිලියන 2.2 ක
බදු ගෙවීමට පෙර ලාභයක්‌ වාර්තා කරයි


2013 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාල පරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 2,269 ක බදුගෙවීමට පෙර ලාභයක්‌ වාර්තා කර ඇති බව සෙලාන් බැංකුව නිවේදනය කර සිටී. මෙහිදී බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 1,536 ක්‌ වන අතර එය 2012 වර්ෂයේ අනුරූප කාලපරිච්ෙ-දයේ බදු ගෙවීමෙන් පසු ලාභ අගය වූ රුපියල් මිලියන 1,598 හා සැසඳීමේදී 3.9% ක පහළ යැමකි. 2013 වසරේ තෙවන කාර්තුව වෙනුවෙන් සෙලාන් බැංකුව වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 534 ක්‌ වන අතර පෙර වර්ෂයේ තෙවන කාර්තුවේදී එම අගය දැක්‌වුණේ රුපියල් මිලියන 638 ක්‌ පරිද්දෙනි. මෙම අතුරු මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති හා ශ්‍රී ලංකා මූල්‍ය රෙගුලාසි සම්මතයන්ට අනුකූලව සකස්‌ කර ඇති බව බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී.

ණය ආදායම් වර්ධනය වීමේ මන්දගාමිත්වය සහ පොලී ආන්තිකයන් පිළිබඳ ක්‍ෂේත්‍රය තුළ පැන නැඟී තිබුණු බලපෑමක්‌ හමුවේ 2013 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාලය තුළ දී ශූද්ධ පොලී ආදායම රුපියල් මිලියන 6,800 සිට රුපියල් මිලියන 6,847 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එසේම ගාස්‌තු හා කොමිස්‌ ආදායම මෙම කාලපරිච්ෙ-දය තුළදී 24% කින් වර්ධනය වී තිබේ. ඒ රුපියල් මිලියන 1,243 සිට රුපියල් මිලියන 1,542 දක්‌වාය. මෙය සෙලාන් බැංකුව පසුගිය වසර ගණනාව පුරාවට සිය මූලික බැංකු ක්‍රියාකාරකම්වලින් ලද ස්‌ථිරසාර වර්ධනය මනාව තහවුරු කරන්නකි. සමාලෝචිත මාස 09 තුළ දී බැංකුව විසින් සිය වියදම් අවම කිරීම සඳහා වැඩි අවධානයක්‌ යොමු කරන ලදී. මෙම මුලපිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් සමස්‌ත කාර්ය මණ්‌ඩල හා පොදු කාර්ය පිරිවැය අවම කිරීම 5.6% ක්‌ දක්‌වා වර්ධනය කර ගැනීමට 2013 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 තුළදී හැකිවී තිබේ.

සංස්‌කරණය -
අසෝක වන්නිආරච්චි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.