ආපිකෝ නත්තල් සිරියෙන් ඇළලී යයි

මිහිරි සීනු නාද, නත්තල් ගීත රාව සමගින් හෙමි හෙමින් නත්තල් සිරිය එළඹෙමින් තිබේ. මේ නත්තල් සුළඟේ දැවටී වෙළී සතුට පැතිරෙන කාලයයි. එපමණක්‌ නොවේ. නත්තල් සමයේ අසිරිය සම්පූර්ණ කරමින් ඔබ සැමට සතුට බෙදා දෙන්න නත්තල් සීයා ආපිකෝ වෙත පැමිණ සිටී.

වෛවර්ණ සැරසිලි රටා සමගින් සෙල්ලම් බඩු හැමතැනම දිස්‌වේ. ඉන් නොනැවතී නගරයේ උසම නත්තල් ගස කාටත් පෙනෙන සේ උද්දාමයෙන් ඉහළ නැගි තාරකා සමගින් මුමුණන්නේ දසත සතුට පතුරමින් සැබෑ නත්තල් සිරිය මේ යයි කියන්නාක්‌ මෙනි.

ඔබ සිතුවා නිවැරැදියි. ආපිකෝ වෙතට නත්තල් සිරිය පැමිණ තිබේ. උත්සව සමයට අවශ්‍ය සියලු දේ සමගින් ඔබට සුබම සුබ නත්තලක්‌ උදාකර දෙන්න දැන් රටපුරා ආපිකෝ සුපර් සෙන්ටර් සූදානමින් සිටී.

දිවයිනේ සියලුම ආර්පිකෝ සුපර් සෙන්ටර් මධ්‍යස්‌ථාන මේ උත්සව සමයේ නත්තල් විශ්මලන්ත බවට පත්වේ. නෙක සැරසිලිවලින්, වෛර්ණයෙන් සැරසුණු අඩියක්‌ උස සිඟිති නත්තල් ගස්‌ සේම, අඩි දහය ඉක්‌මවන දැවැන්ත නත්තල් ගස්‌ද ඔබට දැකගත හැකිවනු ඇත. ඊට අමතරව දිදුළන එළිවලින් කිරුළු පැළඳි සුදෝ සුදු ගස්‌ ඔබ පිළිගන්නට බලා හිඳින අතර නත්තල් කේක්‌ සහ රසකැවිලි බැලුන්, උත්සව සමය වෙනුවෙන්ම සැකසුණු ලිනන් ඇතිරිලි පෙළක්‌ද ඔබේ නත්තල් සිරියට එක්‌වන්නට සැදී පැහැදී සිටිනු ඔබට දැකගත හැකිවනු ඇත.

ඉන් නොනැවතී "2013 ක්‍රිස්‌මස්‌ මිලියනර්ස්‌" වැඩසටහන සමගින් මේ වසරේත් සතිපතා වාසනාවන්ත දසලක්‌ෂපතියන් බිහි කරන්නට ආපිකෝ සූදානමින් සිටී. නොවැම්බර් 15 සිට ජනවාරි 9 දක්‌වා නම්කළ වෙළෙඳනාම 3 කට අයත් භාණ්‌ඩද ඇතුළුව රු. 3000.00 කට වැඩි භාණ්‌ඩ මිලදීගත් විට තරගයට සුදුසුකම් ලැබීමට හැකිවේ. මේ අවස්‌ථාව ආපිකෝ සුපර් සෙන්ටර් වෙතින් භාණ්‌ඩ මිලදී ගන්නා සැමටම හිමිවන අතර සතිපතා රු. 100,000, රු. 50,000 සහ රු. 10,000 බැගින් ත්‍යාගද දිනා ගැනීමේ අවස්‌ථාව හිමිවනු ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.