LiCC නවතම LiCC Premier Collection Glitz' හඳුන්වා දෙයි

ඉහළ තත්ත්වයේ ඩෙනිම් කලිසම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත නාමයක්‌ වන LiCC ඩෙනිම් නිෂ්පාදනය කරනු ලබන සීමාසහිත ඛදබට ෂික්‌බා Cකදඑයසබට පුද්ගලික සමාගම, දිවයිනේ ප්‍රමුඛ පෙළේ විලාසිතාගාරයක්‌ වන Glitz' හා එක්‌ව සිය නවතම ලේබලය වන LiCC Premier Collection යටතේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම උචිත නව විලාසිතාවන්ගෙන් යුත් ඩෙනිම් කලිසම් එකතුවක්‌ හඳුන්වා දුනි.

මෙම නව විලාසිතා එකතුව 2013 නොවැම්බර් මස 21 වැනිදා නුගේගොඩ Glitz' ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්‌විණි. මෙම එළිදැක්‌වීමෙන් පසුව දිවයින පුරා Glitz' විලාසිතාගාරයන්හිදී මෙම නවතම LiCC Premier Collection මිලදී ගත හැකිය.

මෙම LiCC Premier Collection විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ක්‍රියාශීලී, සිය රූපය පිළිබඳ සැලකිලිමත් නව විලාසිතාවන් අත්හදා බැලීමට කැමැති සහ විලාසිතාවන් හරහා සිය අදහස්‌ ප්‍රකාශ කිරීමට කැමැත්තක්‌ දක්‌වන තරුණ තරුණියන් සඳහාය. මෙම එකතුවේ අපේක්‍ෂිත වෙළෙඳපොළ වන්නේ කැපී පෙනෙන්නට සහ නව විලාසිතාවන් හඳුන්වා දීමට කැමති පුද්ගලයන්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.