HDFC බැංකුවේ වව්නියාව ශාඛාව නව පරිශ්‍රයක

HDFC බැංකුවේ වව්නියාව ශාඛාව නව ශාඛා පරිශ්‍රයකට පිවිසීම බැංකුවේ සභාපතිනි සිරෝමි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. ගනුදෙනුකරුවන්ට වඩාත් වැඩි පහසුකම් සලසන මෙම නව කාර්යල පරිශ්‍රය පිහිටියේ වව්නියාව, නුවර පාර, අංක 113 ස්‌ථානයේය.

වව්නියාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම ඇතුළු සියලු නිවාසමය අවශ්‍යතා ඉටුකරදීමත්, බැංකුවේ ශාඛා ජාලය පුළුල් කිරීම සඳහා 2010 වසරේදී HDFC බැංකුවේ වව්නියාව ශාඛාව ස්‌ථාපිත කෙරිණි. වර්තමානය වන විට නිවාස මූල්‍ය පහසුකම් ලබාදීම මෙන්ම තවත් බොහෝ මූල්‍ය සේවා ලබාදීමද HDFC වව්නියාව ශාඛාව විසින් සිදු කරනු ලැබේ.

ඡායාරූපයේ දැක්‌වෙන්නේ HDFC බැංකුවේ සභාපතිනි සිරෝමි වික්‍රමසිංහ මහත්මිය විසින් වව්නියාව නව කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ අවස්‌ථාවයි. ප්‍රධාන විධායක නිලධාරි නිමල් මමඩුව මහතා, වයඹ ප්‍රාදේශීය කළමනාකරු ඩබ්ලිව්. ඩී. කේ. සෙනෙවිරත්න සහ වව්නියාව ශාඛා කළමනාකරු කේ. මුහුන්දන් යන මහත්වරුද ඡායාරූපයේ සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.