වායු විමෝචන පරීක්‍ෂා වැඩසටහනට නව ජීවයක්‌

වායු විමෝචන පරීක්‍ෂාව හඳුන්වාදීම පිළිබඳව රථවාහන හිමියන් අප්‍රසාදය පළ කරන ප්‍රවණතාවක්‌ මීට පෙර මතු වී තිබුණද දැන් එම පරීක්‍ෂණය එහි සැබෑ වටිනාකම පෙන්වා දී තිබේ. ඒ අනුව දැන් වායු විමෝචන පරීක්‍ෂණ භාරකාර අරමුදලේ (Vehicle Emission Testing Trust Fund) පූර්ණ දායකත්වයෙන් පාරිසරික වායු තත්ත්වය පරීක්‍ෂාවට ලක්‌ කරන ජංගම ඒකකයක්‌ මිලදී ගෙන ඇත.

2008 වසරේදී ආරම්භ කෙරුණු වායු විමෝචන පරීක්‍ෂණ වැඩසටහන ට්‍රැක්‌ටර් වැනි කෘෂිකාර්මික වාහන සහ සාමාන්‍ය ලියාපදිංචි සහතික භාවිත නොවන හමුදා වාහන හැරුණු විට අනෙකුත් සියලුම වාහන සඳහා අනිවාර්ය වෙයි.

පසුගිය ඔක්‌තෝබර් මාසයේදී ආසියා පදනමේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් එස්‌. එච්. හරිස්‌චන්ද්‍ර මහතා සහ වායු විමෝචන පරීක්‍ෂණ වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඒ. ඩබ්ලිව්. දිසානායක මහතා මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූහ.

මිලදී ගැනුණු නව ඒකකය පිළිබඳව දිසානායක මහතා ඉමහත් ප්‍රීතියකින් යුතුව මෙසේ අදහස්‌ දැක්‌වී ය. " එමගින්

නගරවල සල්ෆර් ඩයොක්‌සයිඩ් (SO2) කාබන් ඩයොක්‌සයිඩ් (CO2) ජලවාෂ්ප (H2O) කාබන් මොනොක්‌සයිඩ් (CO) සහ නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් (Nox) වායු මට්‌ටම් මෙන්ම පරිසරයේ අංශුමය ද්‍රව්‍ය (particulate Matter) ප්‍රතිශතයද ගණනය කළ හැකියි. එමගින් ලැබෙන දත්ත 2008 දී ලබා ගැනුණු පදනම් දත්ත සමග සංසන්දනය කෙරෙනවා. ඒ ඔස්‌සේ අපට පරිසරයේ වායු තත්ත්වය නිවැරදිව ගණනය කිරීමටත් සංසන්දනය කිරීමටත් හැකි වනවා."

2010 වසරේ සිට මේ දක්‌වා මෙරට රථවාහන සංඛ්‍යාවේ 33% ක ඉහළ යැමක්‌ පෙන්නුම් කර තිබුණත් බොහෝ නගරවල වායු දූෂණ තත්ත්වය තවදුරටත් දරුණු නොවී එලෙසම පැවතීම සතුටට කරුණකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.