නිපොන් පේන්ට්‌ ලංකා "නිපොලැක්‌
හොඳ බාස්‌ගෙන් හොඳ තෑගි" ගෙන එයි


නිපොන් පේන්ට්‌ ලංකා ආයතනය දිවයින පුරා විසිරී සිටින සියලුම පාරිභෝගික හිතවතුන්ට සහභාගි විය හැකි නවතම ප්‍රවර්ධන වැඩසටහනක්‌ හඳුන්වා දුනි. "නිපොලැක්‌ හොඳ බාස්‌ගෙන් හොඳ තෑගි" ලෙස නම් කර ඇති මෙය නොවැම්බර් මස 20 වැනි දින සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්‌වා ක්‍රියාත්මක වේ.

මෙහි ආරම්භක අවස්‌ථාව නොවැම්බර් මස 19 වැනි දින නිපොන් පේන්ට්‌ ලංකා ප්‍රධාන කාර්යාලයේදී කළමනාකාරිත්වයේ සහභාගිත්වයෙන් පැවැත්විණි. මෙම අවස්‌ථාවට නිපොන් පේන්ට්‌ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රාජා හේවබෝවල, සාමාන්‍යාධිකාරී තුසිත ප්‍රේමරත්න, අලෙවි කළමනාකාර විරා- අධිකාරි සහ සන්නාම කළමනාකාර යසස්‌ ද සිල්වා යන මහත්වරු සහභාගි වූහ.

පාරිභෝගිකයන්ට මෙම දිනුම් අවස්‌ථාවට ඇතුළත් වීමට නම් නිපොලැක්‌ ඉමල්ෂන්, වෙදර්පෲෆa හා වෝටර්බේස්‌ඩ් වුඩ් කෙයා නිෂ්පාදන ලීටර් 4 ක්‌ හෝ ඊට වැඩියෙන් මිලදී ගෙන කූපන්පත පුරවා, ලේබලය සමඟ බිල්බත "නිපොලැක්‌ හොඳ බාස්‌ගෙන් හොඳ තෑගි" නිපොන් පේන්ට්‌ ලංකා (පුද්) සමාගම, නිපොලැක්‌ ටවර්ස්‌, අංක 69 ඒ, බුත්ගමුව පාර, රාජගිරිය ලිපිනයට තැපැල් කර එවිය යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.