LOLC ඉන්ෂුවරන්ස්‌ සමාගම
නව ජීවිත රක්‌ෂණ පෙළක්‌ හදුන්වා දෙයි




LOLC සමුහයේ රක්‌ෂණ සමාගම වන LOLC ඉන්ෂුවරන්ස්‌, නව ජීවිත රක්‌ෂණ නිෂ්පාදන පෙළක්‌ කොළඹ ගලධාරි හෝටලයේ පසුගිය ඔක්‌තෝබර් 27 වැනිදා පැවති උත්සවයකදී හඳුන්වා දෙනු ලැබීය.

නව ජීවිත රක්‌ෂණ නිෂ්පාදන වන LOLC ඉන්ෂුවරන්ස්‌ ලයිෆa ප්‍රොටෙක්‌ට්‌, LOLC ඉන්ෂුවරන්ස්‌ ලයිෆa ප්‍රොටෙක්‌ට්‌ ප්ලස්‌, LOLC ඉන්ෂුවරන්ස්‌ චයිල්ඩ් ප්ලෑන් LOLC ඉන්ෂුවරන්ස්‌ පෙන්ෂන් ප්ලෑන් යන නිෂ්පාදන මෙහිදී දියත් කෙරිණ. සමාගමේ දැනට පවතින පරිපූර්ණ ජීවිත රක්‌ෂණ සැලසුම්වලට මෙම නව නිෂ්පාදන පෙළ නව ආකර්ෂණයක්‌ එක්‌ කරනු ඇත. නව ජීවිත රක්‌ෂණ හඳුන්වා දීමේ උත්සවයේ ඉලක්‌කගත කණ්‌ඩායම වූයේ සමූහයේ අලෙවි බළකාය වන ප්‍රාදේශීය ප්‍රධානීන්, ශාඛා ප්‍රධානීන්, කලාප නායකයන්, මූල්‍ය සැලසුම්කරුවන් සහ අලෙවි කණ්‌ඩායම් ය.

LOLC ඉන්ෂුවරන්ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් වන සභාපති කපිල ජයවර්ධන, අධ්‍යක්‍ෂ කල්ෂා අමරසිංහ, අධ්‍යක්‍ෂ ෙ-. එම්. ස්‌වාමිනාදන් යන මහත්ම මහත්මීන් මෙම අවස්‌ථාවට එක්‌වූ අතර LOLC ඉන්ෂුවරන්ස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගෙහාන් රාජපක්‍ෂ, ශාඛා ජාලයේ ප්‍රධාන නිලධාරි අශාන් නිශ්ශංක, සහකාර සාමාන්‍යාධිකාරී - ජීවිත (තාක්‌ෂණික සහ මෙහෙයුම්) සාලිය ඩයස්‌, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ව්‍යාපාර සංවර්ධන සුජීව විදානපතිරණ, ඇතුළු සමාගමේ නිලධාරීන් ද ඒ සඳහා සහභාගි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.